
හමුදා සෙබළුන් රැගත් දුම්රියක් ඉලක්ක කැර ගනිමින් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල වීමෙන් 24 දෙනකු ජීවිතක්ෂයට පත්වී ඇති අතර, 50කට අධික පිරිසක් තුවාල ලැබූ බව පකිස්ථානයේ සිටින Cyber World Press විශේෂ නියෝජිත සඳහාන් කරයි.
දකුණුදිග පාකිස්තානයේ බලුකිස්තාන ප්‍රාන්තයේ ක්වේටා නගරය දක්වා ධාවනය වෙමින් තිබූ දුම්රියක මෙම බෝම්බ ප්‍රහාරය සිදුව ඇත.
බෝම්බ ඇටවූ මෝටර් රථයක් දුම්රියේ ගැටීමට සැලැස්වීමෙන් ප්‍රහාරය සිදු කැර ඇති අතර, එහි වගකීම බාරගන්නා බව බලුකිස්තානයේ බෙදුම්වාදී විමුක්ති හමුදාව (Baloch Liberation Army – BLA) නිවේදනය කැර ඇතැයි අල් ජසීරා පුවත් සේවය උපුට දක්වමින් Cyber World Press විශේෂ නියෝජිත සඳහාන් කරයි.
බෝම්බ ප්‍රහාරයත් සමඟ දුම්රියේ මැදිරි රැසක් පීලිපැන ඇති අතර, ඇතැම් මැදිරි ගිනි ගෙන විනාශ වූ බව ද වාර්තා වේ. දුම්රිය මාර්ගය අවට නිවාස සහ ගොඩනැඟිලි රැසක් ද, අසල නවතා තිබූ මෝටර් රථ රැසක් ද බෝම්බ ප්‍රහාරයෙන් ගිනිගෙන විනාශ වී ඇතැයි අල් ජසීරා පුවත් සේවය උපුටා දක්වමින් Cyber World Press විශේෂ නියෝජිත වැඩිදුරටත් සඳහාන් කරයි.
ප්‍රහාරයෙන් පසු ක්වේටා නගරයේ සියලු රජයේ රෝහල්වලට හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත් කැර ඇති බවත්, සියලු වෛද්‍යවරුන්ට සහ රෝහල් කාර්ය මණ්ඩලයට අඛණ්ඩව සේවයේ නිරතවන ලෙස නියෝග කැර ඇති බවත් අනාවරණය වෙයි.

