
ධවල මන්දිරයේ ආරක්ෂක මුරපොළක් අසලදී ඔත්තු සේවා නිලධාරීන් සමඟ වෙඩි හුවමාරුවක නිරත වූ පුද්ගලයකු ජීවිතක්ෂයට පත්වූ බව නිවියෝක් නුවර සිටින Cyber World Press විශේෂ නියෝජිත සඳහාන් කරයි.
වෙඩික්කරු නසිරි බෙස්ට් නමැති 21 හැවිරිදි තරුණයකු බව අමෙරිකාවේ සීබීඑස් පුවත් සේවය සඳහන් කැර ඇත.

ඔහු මානසික ආබාධයෙන් පෙළෙන පුද්ගලයකු බවට තොරතුරු තහවුරු වී ඇතැයි ද වාර්තා වේ. වෙඩි තැබීම සිදුවන අවස්ථාවේදී ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ධවල මන්දිරයේ සිටි බව එරට මාධ්‍ය සඳහන් කරයි.
සෙනසුරාදා පස්වරු 6.00ට පමණ ධවල මන්දිරයට පිටතින් ස්ථාපිත කැර ඇති මුර කුටියක් අසලට පැමිණි සැකකරු සිය ගමන් බෑගයෙන් රිවෝල්වරයක් පිටතට ගෙන ඔත්තු සේවා නිලධාරින්ට වෙඩි තබා ඇති ඇතැයිද, ආරක්ෂක නිලධාරීන්ගේ වෙඩි ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ සැකකරු රෝහල්ගත කිරිමටත් පෙර ජීවිතක්ෂයට පත්වී ඇතැයි ද සඳහාන් වේ.
වෙඩි ප්‍රහාරයෙන් ආරක්ෂක නිලධාරීන්ට කිසිදු අනතුරක් සිදුනොවූ බවත්, ඒ මොහොතේ මාර්ගයේ ගමන් කළ සිවිල් වැසියකු තුවාල ලබා රෝහල්ගත කැර ඇති බවත් වාර්තා වේ. ඔහුගේ තත්ත්වය පිළිබඳ තොරතුරු අනාවරණය නොවූ බව Cyber World Press විශේෂ නියෝජිත වැඩිදුරටත් සඳහාන් කරයි.
වෙඩි තැබූ පුද්ගලයා මීට පෙර පසුගිය වසරේ ජූලි මාසයේදී ද ධවල මන්දිරයට ඇතුළුවීමට උත්සාහ කිරිමේදී අත්අඩංගුවට පත්වී ඇති අතර, පසුව මානසික රෝහලක ප්‍රතිකාර ලබා ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කැර ඇත.
