Impartial news reporting for a stronger democratic society
උතුරු චීනයේ ෂැංසී ප්‍රාන්තයේ ගල්අඟුරු පත­ලක පිපි­රී­ම­ක් ! මිය ගිය ගණන 90 දක්වා ඉහළට

උතුරු චීනයේ ෂැංසී ප්‍රාන්තයේ ගල්අඟුරු පත­ලක සිදු වූ පිපි­රී­ම­කින් අවම වශ­යෙන් පුද්ග­ල­යන් 90 දෙනකු මිය­ගිය බව එරට ෂිංහුවා පුවත් සේවය වාර්තා කෙළේය.

ආපදා කළ­ම­නා­ක­රණ ඒජ­න්සිය සඳ­හන් කැර ඇත්තේ තවත් පුද්ග­ල­යන් 9 දෙනකු අතු­රු­දන් වී ඇති බවයි. නිල­ධා­රින් සහ කාර්ය මණ්ඩ­ලයේ 755 දෙනකු අතු­රු­දන් වූවන් සෙවීමේ මෙහෙ­යුම් සඳහා යොදා ඇතැයි වාර්තා වේ. පිපි­රීම සිදු­වන අව­ස්ථා­වේදී සේව­ක­යන් 200කට වැඩි පිරි­සක් පතල ඇතු­ළත සේවයේ නිර­තව සිටි බව ප්‍රාන්ත බල­ධා­රීන් ප්‍රකාශ කැර තිබේ. පිපි­රි­මෙන් තුවාල ලැබූ පුද්ග­ල­යන් 123 දෙනකු රෝහල් කැර ඇති අතර, ඉන් දෙදෙ­න­කුගේ තත්ත්වය බර­ප­තළ බව ෂිංහුවා පුවත් සේවය වැඩි­දු­ර­ටත් වාර්තා කෙළේය. අතු­රු­ද­න් වූ­වන් සෙවීම සහ තුවාල ලැබූ සේව­ක­යන්ට නිසි ප්‍රති­කාර ලබා­දීම සඳහා උප­රිම දාය­ක­ත්වය ලබා­දෙන ලෙස චීන ජනා­ධී­පති ෂී ජින්පින් බල­ධා­රින්ට උප­දෙස් දී ඇති අතර, පිපි­රිම සම්බ­න්ධව විධි­මත් පරී­ක්ෂ­ණ­යක් පව­ත්වන ලෙස නියෝග කැර ඇතැයි වාර්තා වේ.

ගල්අඟුරු පතලේ පිපි­රීම සම්බන්ධ මූලික පරී­ක්ෂණ කට­යුතු ඊයේ(24) වන විට ආරම්භ කැර ඇති අතර, වග­කිවයුතු පුද්ග­ල­යන්ට දැඩි දඬු­වම් ලබා­දෙන බව චීන රජය නිවේ­ද­නය කර තිබේ. බොහෝ සේව­ක­යන් රෝගී තත්ත්ව­යට පත්වී ඇත්තේ විෂ වායු ආඝ්‍ර­ණය කිරිම හේතු­වෙන් බවට අනා­ව­ර­ණය වුවද, එම වායුව කව­රේ ­දැයි මෙතෙක් සොයා­ගෙන නැති බව වාර්තා වේ.

ගල්අඟුරු පතලේ කාබන් මොනො­ක්ස­යිඩ් වායුව නිය­මිත සීමාව ඉක්මවා තිබූ බව හෙළිවී ඇති අතර, චීන රජයේ මාධ්‍ය සඳ­හන් කැර ඇත්තේ, පිපි­රිම සම්බ­න්ධව ප්‍රශ්න කිරි­මට ගල් අඟුරු පතලේ නිල­ධා­රීන් පිරි­සක් රඳවා තබා­ගෙන සිටින බවය.

Follow by Email
LinkedIn
Share
WhatsApp