Impartial news reporting for a stronger democratic society
ඉරාන – අමෙ­රි­කා සාම සාකච්ඡාවලදී පකි­ස්ථානයේ අතරමැදි භූමි­කාව ගැටලුසහ­ගතයි – වෝල් ස්ට්‍රීට් ජර්නල් පුවත් සේවය පෙන්වා දෙයි

ඉරාන – අමෙ­රි­කා සාම සාකච්ඡා සාර්ථක නොවීම  ගැන සැල­කී­මේදී පකි­ස්ථානයේ භූමි­කාව ගැටලුසහ­ගත බව අමෙ­රි­කාවේ ප්‍රකාශයට පත්වන  වෝල් ස්ට්‍රීට් ජර්නල් පුවත් සේවය වාර්තා කැර ඇති බව Cyber World Press   සඳහාන් කරයි.

පාකි­ස්ථා­නයේ අව­ශ්‍යතා සියලු ආකා­ර­යෙන් අමෙ­රි­කාවේ අව­ශ්‍ය­තා­ව­ලට ප්‍රති­වි­රුද්ධ බව වසර 2000 ගණ­න්ව­ලදී සෘජු­වම පෙන්නුම් කැර ඇතැයි  එම පුවත් සේවය වැඩි­දු­ර­ටත් වාර්තා කැර තිබේ. යුද ගැටුම් අව­සන් කිරිම සඳහා අත­ර­මැ­දි­යකු ලෙස කට­යුතු කිරි­මට අවශ්‍ය පසු­බි­මක් පෙන්නුම් කළ ද, න්‍යෂ්ටික අවි­ආ­යු­ධ­ව­ලින් සන්නද්ධ ඉස්ලා­මීය රාජ්‍ය­යක් වන පකි­ස්ථා­නය ඉරාන යුද අර්බු­දය වැනි ඉහළ මට්ටමේ සාකච්ඡා සඳහා වඩාත්ම විශ්වා­ස­නීය මැදි­හ­ත්ක­රු­වකු ලෙස සැල­කිය නොහැකි බව ද වෝල් ස්ට්‍රිට් ජර්නල් පුවත් සේවය සඳ­හන් කැර තිබේ.

එවැනි සාකච්ඡා සඳහා පකි­ස්ථානයේ මැදි­හ­ත්විම පිළි­බඳ දැන­ට­මත් බොහෝ දේශ­පා­ලන නිරී­ක්ෂ­ක­යන් සැක පහළ කැර ඇතැයි ද එහි සඳ­හන් වේ.

2000 දශ­කයේ ඇෆ්ග­නි­ස්තාන යුද්ධ­යේදී අමෙ­රි­කා­වට ද සහාය ලබා දෙන බවට ප්‍රසි­ද්ධියේ ප්‍රකාශ කළ පකි­ස්ථා­නය තලේ­බාන් සට­න්කා­මීන්ට සහ සෙසු ඉස්ලා­මීය සන්නද්ධ කණ්ඩා­ය­ම්ව­ලට සහය දෙන බවට එව­කට අමෙ­රි­කානු බල­ධා­රින් චෝදනා එල්ල කළ බවත්, 2011 වසරේ පකි­ස්ථා­නයේ ඇබො­ටා­බාද් නුව­රදී අමෙ­රි­කානු හමු­දාව ඔසාමා බින් ලාඩ්න් සිටින ස්ථානය සොයා ගැනී­මේදී එරට ආර­ක්ෂක අංශ කෙරෙහි විශ්වා­සය නොතැබූ බවත් වෝල් ස්ට්‍රිට් ජර්නල් පුවත් සේවය වාර්තා  කැර තිබු බව Cyber World Press  සඳහාන් කරයි.

 විශේ­ෂ­යෙන් එම කාලය ඇතු­ළත ඉරා­නය, ඇෆ්ග­නි­ස්තා­නය සහ කලා­පීය ඉස්ලාමීය ව්‍යාපාර සඳහා සහය ලබා දුන් පකි­ස්ථානය අමෙ­රි­කානු අව­ශ්‍ය­තා­වන්ට පට­හැණිව කට­යුතු කැර ඇතැයි ද එහි වැඩි­දු­ර­ටත් දැක්වෙයි. අමෙ­රි­කානු මාධ්‍ය එසේ සඳ­හන් කළද, ඉරාන යුද්ධය අව­සන් කිරීම සඳහා පකි­ස්ථා­නයේ මැදි­හ­ත්භා­වය මත අමෙ­රි­කාව තව­දු­ර­ටත් විශ්වා­සය තබා සිටින බවත්, දෙපා­ර්ශ්වය අතර ගිවි­සු­මක් ඇති කර­ගැ­නී­මට පකි­ස්ථානය දරන උත්සා­හය සාර්ථක වනු ඇතැයි විශ්වාස කරන බවත් අමෙ­රි­කානු රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ ප්‍රකාශ කැර තිබේ.( දිනමිණ ඇසුරෙන්)

Follow by Email
LinkedIn
Share
WhatsApp