Impartial news reporting for a stronger democratic society
පළාත් සභා ඡන්දය නෑ

රට තුළ පවතින වත්මන් තත්ත්වයන් හේතුවෙන් පළාත් සභා මැතිවරණය මෙම වසර (2026) තුළ පැවැත්වීමට නොහැකි වනු ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසයි.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් තවදුරටත් සඳහන් කෙළේ, අදාළ මැතිවරණය පැවැත්වීමේ හැකියාව පිළිබඳව සොයා බැලිය හැක්කේ ලබන වසරේදී එනම් 2027 දී බවයි.
නමුත් කැබිනට්  ඇමැතිවරයෙක් මීට කලින් පවසා තිබුණේ මේ වසරේ පළාත් සභා මැතිවරණය අනිවාර්යයෙන් පවත්වන බවයි.
කෙසේ වෙතත් රටේ මැතිවරණ පැවැත්වීම හෝ නොපැවැත්වීම ගැන ප්‍රකාශ නිකුත් කිරීමට පක්ෂ ලේකම්වරයෙකුට බලය ලැබුණේ කෙසේ දැයි මේ පිළිබඳ අදහස් දැක්වූ විපක්ෂයේ දේශපාලන නායකයෙක් ප්‍රශ්න කෙළේය.
පළාත් සභා සඳහා මැතිවරණ නොපැවැත්වීම හේතුවෙන් 2017 වසරේ සිට මේ දක්වාම පළාත් සභා ක්‍රියාවලිය අඩපණ වී පවතී. කෙසේ වෙතත්, ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය මඟින් බලය විමධ්‍යගත කිරීම, ව්‍යවස්ථාපිත ප්‍රතිසංස්කරණ සහ දීර්ඝ කාලයක් තිස්සේ කල් දමා ඇති පළාත් සභා මැතිවරණය පැවැත්වීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කැර තිබුණි.
පසුගිය දිනවල සමාජවාදී ජනතා පෙරමුණ ඇතුළු පාර්ශ්ව ගණනාවක් පළාත් සභා මැතිවරණය පවත්වන ලෙස බලකරමින් උද්ඝෝෂණ ව්‍යාපාරය ගණනාවක් සංවිධානය කැර තිබුණි.

(ඇත්ත | විදුනෙත් සියඹලාපිටිය)

Follow by Email
LinkedIn
Share
WhatsApp