
පාකිස්තානයේ දුම්රිය සේවයෙන් විශ්‍රාම ගිය සේවකයන් 5,578 දෙනකුට මෙතෙක් විශ්‍රාම ප්රතිලාභ ගෙවා නොමැති බව හෙළි වී ඇතැයි එරට සාමා ටීවී රූපවාහිනී නාළිකාව සඳහන් කැර තිබේ.
එරට මුදල් අමාත්‍යාංශය සහ දුම්රිය දෙපාර්තමේන්තුව දිගුකාලීනව අවශ්‍ය අරමුදල් නිදහස් කිරීම සම්බන්ධව අර්බුදයකට මැදිවී සිටින බැවින් මේ තත්ත්වය උදා වී ඇතැයි ද වාර්තා වේ.
පාකිස්තාන දුම්රිය අමාත්‍යාංශය සඳහන් කැර ඇත්තේ දිගින් දිගටම ඉල්ලීම් කළද, මුදල් අමාත්‍යාංශයෙන් ඒ සඳහා මෙතෙක් අනුමැතිය ලැබී නොමැති බවයි. වසර 2023 මාර්තු මාසයෙන් පසු විශ්‍රාම ගත් දුම්රිය සේවකයන්ට නොගෙවූ ප්රතිලාභ පාකිස්තාන රුපියල් බිලියන 10කට වැඩි බව ද සාමා ටීවී රූපවාහිනී නාළිකාව වැඩිදුරටත් සඳහන් කැර තිබේ.
මීට අමතරව අගමැති ආධාර පැකේජය යටතේ පවුල් දහස් සංඛ්‍යාවකට මෙතෙක් මුදල් ගෙවා නැති බවත්, සුබසාධනයට අදාළ තවත් ගෙවීම් රැසක් ඉතිරිව ඇති බවත් සංඛ්‍යා ලේඛනවලින් අනාවරණය වූ බව සාමා ටීවී රූපවාහිනී නාළිකාව සඳහන් කැර තිබේ.(දිනමිණ ඇසුරෙන්)
