
රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් අද (20) චීන ජනාධිපති ෂී ජින්පිං සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා අරම්භ කැර ඇති බව බිජීං නුවර සිටිනCyber World Press විශේෂ නියෝජිත පවසයි.

අද (20) පෙරවරු 10.00 ට බිජිං නුවර මහජන මහා ශාලාවේදීය මෙම ද්විපාර්ශ්වික සාකච්ඡා ආරම්භ වී තිබේ.
සංකීර්ණ හා කැලඹිලි සහිත ජාත්‍යන්තර තත්ත්වයකට මුහුණ දී සිටින චීනය සහ රුසියාව, සමානාත්මතාවය, අන්‍යෝන්‍ය ගෞරවය, යහපත් විශ්වාසය, සහයෝගිතාව හා පොදු ජයග්‍රහණයේ පදනමව තවදුරටත් ශක්තිමත් කරමින් විස්තීර්ණ උපායමාර්ගික හවුල්කාරිත්වය වර්ධනය කිරීමට කටයුතු කරන බව චීන විදේශ කටයුතු අමාත්‍යාංශය අවධාරණය කරයි.
දෙපාර්ශ්වය අතර දේශපාලන අන්‍යෝන්‍ය විශ්වාසය අඛණ්ඩව ගැඹුරු කැර ඇති බවත්, වෙළෙඳාම, ආයෝජන, බලශක්තිය, විද්‍යාව හා තාක්ෂණය සහ මනුෂ්‍යත්වය යනාදී ක්ෂේත්රවල සහයෝගීතාව අඛණ්ඩව ප්‍රවර්ධනය කර ඇති බවත්, එමඟින් ජනතාව අතර සබඳතා තවත් ශක්තිමත් වන බව ඔහු පැවසීය.
චීන-රුසියානු සබඳතා වඩාත් ප්‍රගතියක් කරා සහ වේගවත් සංවර්ධනයේ නව අදියරකට පිවිස ඇති බව චීන ජනාධිපති ෂී ජින්පිං පවසා ඇති බව Cyber World Press විශේෂ නියෝජිත පවසයි.
