Impartial news reporting for a stronger democratic society
අපේ යෝජනා ට්‍රම්ප් දන්නවා : අන­තුරු ඇඟ­වී­ම්වලට ප්‍රති­චාර දක්වමින් ඉරා­න­ය නැවත කියයි

සාමය සඳහා වන ගිවි­සු­ම­කට එළැ­ඹීම සඳහා ලබා දුන් කාලය අව­සන් වෙමින් පව­තින බවට ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළද, පාකි­ස්තාන මැදි­හ­ත්ක­රු­වන් හරහා ඉරා­නය අඛ­ණ්ඩව අමෙ­රි­කාව සමඟ සාකච්ඡා පව­ත්ව­මින් සිටින බව ඉරාන විදේශ අමා­ත්‍යාං­ශය නිවේ­ද­නය කැර තිබේ.

එම අමා­ත්‍යාං­ශයේ ප්‍රකා­ශක  එස්මයිල් බගායි ඊයේ මාධ්‍ය හමු­වක් කැඳ­ව­මින් සඳ­හන් කැර ඇත්තේ පාකි­ස්තා­නය හරහා අමෙ­රි­කාව සහ ඉරා­නය අතර මෑතකාලීන සාම යෝජ­නා­ව­ලිය සම්බ­න්ධව දිගින් දිග­ටම අද­හස් හුව­මාරු වෙමින් පව­තින බවයි.

පාකි­ස්තාන රජය හරහා ඉදි­රි­පත් කළ කරුණු 14කින් සම­න්විත යෝජ­නා­ව­ලිය අමෙ­රි­කාව ප්‍රති­ක්ෂේප කිරී­මෙන් පසු එහි සංශෝ­ධන කිහි­ප­යක් සිදු කිරී­මෙන් පසු නැවත එම යෝජ­නා­ව­ලිය අමෙ­රි­කා­වට ඉදි­රි­පත් කැර ඇති බවත් ඉරාන විදේශ අමා­ත්‍යාං­ශයේ ප්‍රකා­ශක මාධ්‍ය හමු­වේදී සඳ­හන් කැර තිබේ.

වෙළෙඳ නෞකා­ව­ලට හෝමූස් සමුද්‍ර සන්ධිය ඔස්සේ ආර­ක්ෂි­තව යාත්‍රා කිරීම සඳහා ඉරා­නය සහ ඕමා­නය විශේෂ යන්ත්‍ර­ණ­යක් පිළි­බඳ සාකච්ඡා පවත්වා ඇතැයි ද, ජාත්‍ය­න්තර රාමු­වට අනු­කූ­ලව යුරේ­නි­යම් නිස්සා­ර­ණය කිරීම සඳහා ඉරා­න­යට ඇති අයි­තිය ගැන එම යෝජ­නා­ව­ලිය තුළ පැහැ­දි­ලි­වම කරුණු දක්වා ඇතැයි ද ඉරාන විදේශ අමා­ත්‍යාං­ශය අව­ධා­ර­ණය කැර තිබේ. කලා­පයේ සාම­යට සහ ආර­ක්ෂා­වට විදේ­ශීය රට­ව­ලින් බල­පෑම් එල්ල වන බව මැද­පෙ­ර­දිග රට­වල් පිළි­ගත යුතු බවත්, එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඊශ්‍රා­ය­ලය සමඟ සම්බ­න්ධතා ගොඩ­නඟා ගැනීම කලා­පයේ සාම­යට අන­තු­රු­දා­යක බවත් ඉරාන විදේශ අමා­ත්‍යාං­ශයේ ප්‍රකා­ශක ඉස්මා­යිල් බගායි වැඩි­දු­ර­ටත් සඳ­හන් කැර තිබේ.

මැද­පෙ­ර­දිග රට­වල් අතර කලා­පීය ආර­ක්ෂක රාමු­වක් සඳහා එක­ඟ­තා­වට පැමි­ණිය යුතු බවද ඉරාන විදේශ අමා­ත්‍යාං­ශය අව­ධා­ර­ණය කළ බව අල් ජසීරා පුවත් සේවය  උපුටා දක්වමින් Cyber World  Press සඳ­හන් කරයි.

Follow by Email
LinkedIn
Share
WhatsApp