Impartial news reporting for a stronger democratic society
ඉරාන යුද්ධය ගැන ‘බ්‍රික්ස් ‘ සමාජික රටවල් විවිධ මත: නව­දිල්ලි දී සමුළුවේදී ඒකා­බද්ධ ප්‍රකා­ශ­යක් නිකුත් කරන්න අසමත් වෙලා !

එක්සත් ජාතීන්ගේ සංවි­ධා­නය සහ ආර­ක්ෂක කවු­න්සි­ලය වැනි ගෝලීය සංවි­ධාන ප්‍රති­සං­ස්ක­ර­ණය කිරීම සඳහා වන ඉල්ලීම් ඇතු­ළුව ‘බ්‍රික්ස්‘ සංවි­ධා­නයේ   සමාජික රටවල විදේශ ඇමැතිවරුන්ගේ  සමුළුවක් පසුගිය 14 සහ 15 දෙදින තුළ  ඉන්දියාවේ නව­දිල්ලි නුවර පැවති බව  Cyber World Press වාර්තා කරයි.

ඉන්දි­යාවේ සත්කා­ර­ක­ත්ව­යෙන් මෙම සමුළුව නව­දිල්ලි නුවර දී පවත්වා ඇත.

ජාත්‍ය­න්තර සංවි­ධාන තුළ දකුණු ගෝලීය කලා­පයේ රට­වල වැඩි නියෝ­ජ­න­යක් සඳහා වන එම දිගු­කා­ලීන ඉල්ලීම මුල් කර­මින් එම සමු­ළුව පැවැ­ති­යද, ඒකා­බද්ධ ප්‍රකා­ශ­යක් නිකුත් කිරී­මට බ්‍රික්ස් සංවි­ධා­නය අස­මත් වී ඇති බව Cyber World Press නියෝජිත සඳහාන් කරයි.

ඉරාන යුද්ධය සම්බ­න්ධව බ්‍රික්ස් සාමා­ජික රට­වල් කිහි­ප­යක විදේශ ඇමැ­ති­වරු අතර විවිධ අද­හස් පළ­වීම නිසා ,සමු­ළුව අව­සා­නයේ ඒකා­බද්ධ ප්‍රකා­ශ­යක් නිකුත් නොකළ බව දැනට එම සංවි­ධා­නයේ සභා­ප­ති­ත්වය දරන ඉන්දි­යාව ප්‍රකාශ කැර ඇතැයි  අල් ජසීරා පුවත් සේවය ද  සඳහාන් කැර ඇත.

නව­දි­ල්ලියේ පැවති  මෙම සමු­ළු­වේදී අමෙ­රි­කාව සහ ඊශ්‍රා­ය­ලය ජාත්‍ය­න්තර නීතිය උල්ලං­ඝ­නය කිරීම හෙළා දකින ලෙස ඉරාන විදේශ ඇමැති බ්‍රික්ස් සාමා­ජික රට­ව­ලින් ඉල්ලී­මක් කැර තිබේ. ගාසා තීරය සහ සුඩා­නයේ සිවිල් යුද්ධය සම්බ­න්ධව දීර්ඝ ලෙස සාක­ච්ඡා­වට ලක්වූ­ව ද අව­සන් එක­ඟ­තා­ව­කට පැමි­ණී­මට නොහැකි වී ඇති අතර, මැද­පෙ­ර­දිග යුද්ධය පිළි­බඳ ඇතැම් සාමා­ජි­ක­යන් අතර විවිධ අද­හස් පළවූ බව ඉන්දි­යාව තහ­වුරු කැර  ඇතැයි Cyber World Press නියෝජිත සඳහාන් කරයි.

 බ්‍රසී­ලය, රුසි­යාව, ඉන්දි­යාව, චීනය සහ දකුණු අප්‍රි­කාව නිත්‍ය සාමා­ජි­ක­ත්වය දරන බ්‍රික්ස් සංවි­ධා­න­යට නව සාමා­ජි­ක­යන් ලෙස ඉති­යෝ­පි­යාව, ඉරා­නය, ඊජි­ප්තුව, ඉන්දු­නී­සි­යාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය ද ඇතු­ළත්වී සිටී.

Follow by Email
LinkedIn
Share
WhatsApp