Impartial news reporting for a stronger democratic society
සයි­බර් අපරාධ ගෝලීය අර්බු­ද­යක් :   අපරාධකරුවන් බොහෝමයක් චීන සහ වියට්නාම ජාතිකයන් !

ඩිජි­ටල් තාක්ෂ­ණය ලොව පුරා වේග­යෙන් ව්‍යාප්ත වෙද්දී සයි­බර් අප­රාධ අභි­යෝ­ග­යක් බවට පත්වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

බැංකු පද්ධති, රාජ්‍ය ආය­තන, පුද්ග­ලික දත්ත සහ ජාතික ආර­ක්ෂාව දක්වා සියලු තොර­තුරු අන්ත­ර්ජා­ලය සමඟ බැඳී පව­තින බැවින් සයි­බර් ප්‍රහාර ගෝලීය අර්බු­ද­යක් දක්වා ඇදී ගොස් ඇතැයි ජපාන ටයිම්ස් පුවත් සේවය වාර්තා කෙළේය.

පසු­ගිය කාලයේ මිය­න්මා­රය, තායි­ල­න්තය සහ ශ්‍රී ලංකාව ඇතුළු දකුණු ආසි­යා­තික කලා­පයේ සයි­බර් අප­රාධ මධ්‍ය­ස්ථාන පව­ත්වා­ගෙන ගිය අප­රා­ධ­ක­රු­වන් රැසක් අත්අ­ඩං­ගු­වට පත්වී ඇති අතර, සයි­බර් අප­රා­ධ­වල නව කේන්ද්‍ර­ස්ථාන ලෙස චීනය සහ විය­ට්නා­මය හඳුනා ගෙන ඇතැයි සඳහාන් වේ. ඉහළ තාක්ෂණ දියු­ණු­වක් පෙන්නුම් කරන රට­වල් වීම හේතු­වෙන් චීන­යට සහ විය­ට්නා­ම­යට දකුණු ආසි­යා­තික කලා­පයේ අප­රාධ මෙහෙ­යුම් සංවි­ධා­නා­ත්මකව සිදු කිරී­මට හැකි­යාව ඇතැයි විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් සඳහාන් කරයි. බැංකු ගිණුම් හැක් කිරීම, ක්‍රිප්ටෝ මුදල් වංචාව, අන්ත­ර්ජාල සූදුව, මිනිස් ජාවා­රම සයි­බර් අප­රාධ ජාලය පුළුල් කර ඇති බවත්, ආසි­යා­තික රට­වල් රැසක දැන­ට­මත් පුද්ග­ල­යන් රැසක් එම සයි­බර් ජාවා­රමේ ගොදුරු බවට පත්වී ඇති බවත්  සඳහාන් වේ.

දකුණු ආසි­යා­තික රට­වල් රැසක් ඩිජි­ටල් ආර්ථි­කය වෙත පරි­ව­ර්ත­නය වෙමින් සිටි­යද, සයි­බර් ආර­ක්ෂාව තව­මත් ප්‍රමා­ණ­වත් මට්ට­මක නොමැති අතර, චීනය සහ විය­ට්නා­මය වැනි රට­වල් කේන්ද්‍ර කර­ගත් සයි­බර් ජාවා­ර­ම්ක­රු­ව­න්ගෙන් ශ්‍රී ලංකාවේ, ඉන්දි­යාවේ, බංග්ලා­දේ­ශයේ සහ නේපා­ලයේ දියු­ණු­වෙ­මින් පව­තින මාර්ග ­ගත බැංකු භාවි­තය දැඩි අභි­යෝ­ග­ය­කට ලක්වී තිබේ. OTP කේත සොර­කම් කිරීම, ව්‍යාජ බැංකු වෙබ් අඩවි සහ ජංගම දුර­ක­තන හරහා ගනු­දෙ­නු­ක­රු­වන් රැව­ටී­මට ලක් කිරීම වැනි බැංකු සහ මූල්‍ය ක්ෂේත්‍ර­යට තර්ජන එල්ල වී ඇති බැවින් පාසල් මට්ටමේ සිට ඩිජි­ටල් අප­රාධ සම්බ­න්ධව අධ්‍යා­ප­න­යක් ලබා දීමත්, දකුණු ආසි­යානු රට­වල් අතර බුද්ධි තොර­තුරු හුව­මා­රු­වක් සහ ඒකා­බද්ධ විම­ර්ශන සහ­යෝ­ගි­තා­වක් ස්ථාපිත කළ යුතු බව සයි­බර් අප­රාධ සම්බන්ධ විශා­ර­ද­යන් පෙන්වා දී ඇතැයි ජපාන ටයිම්ස් පුවත් සේවය සඳ­හන් කෙළේය.( දිනමිණ ඇසුරෙන්)

Follow by Email
LinkedIn
Share
WhatsApp