Impartial news reporting for a stronger democratic society
 අනුරපුර හිමිනමක් දැරියකට ලිංගික අතවර කිරීමේ සිද්ධිය: දඹුල්ල ආර්ථික මධ්‍ය­ස්ථා­නයේ අත­ර­මැදි ව්‍යාපා­රි­ක­යා අත්අ­ඩං­ගු­වට

අනු­රා­ධ­පුර විහා­ර­ස්ථා­න­යක විහා­රා­ධි­පති හිමි­න­මක් හා තවත් දෙදෙ­නකු 15 හැවි­රිදි බාල වය­ස්කාර දැරි­ය­කට අවස්ථා කිහි­ප­ය­කදී  ලිංගික අතවරයක්  සිදු කළ බව කියන සිද්ධිය සම්බ­න්ධ­යෙන් විම­ර්ශන පව­ත්වන ගම්පහ කොට්ඨාස පොලිස් ළමා හා කාන්තා කාර්යං­ශය ඒ සම්බ­න්ධ­යෙන් සැක­පිට දඹුල්ල ආර්ථික මධ්‍ය­ස්ථා­නයේ අත­ර­මැදි ව්‍යාපා­රි­ක­යකු ද අත්අ­ඩං­ගු­වට ගෙන තිබේ.

සැක­කාර අත­ර­මැදි ව්‍යාපා­රි­කයා අත්අ­ඩං­ගු­වට ගෙන ඇත්තේ, දැරිය පොලිස් විම­ර්ශන කණ්ඩා­ය­ම­කට ලබාදී ඇති ප්‍රකා­ශ­යක් ඔස්සේ සිදු කළ මූලික විම­ර්ශ­න­ව­ලින් අන­තු­රු­වය.

සිද්ධි­යට සම්බන්ධ 15 හැවි­රිදි බාල වය­ස්කාර දැරිය ගම්පහ මහ රෝහලේ අධි­ක­රණ විශේ­ෂඥ වෛද්‍ය­ව­ර­යාට ප්‍රකා­ශ­යක් ලබා දෙමින් සඳ­හන් කැර ඇත්තේ, තමන්ට මුලින්ම  ලිංගික අතවරයක්  කරනු ලැබුවේ අනු­රා­ධ­පුර පුද­බිමේ පිහිටි ප්‍රධාන විහා­ර­ස්ථා­න­යක විහා­රා­ධි­පති හිමි­න­මක විසින් බවයි. අදාළ විහා­රා­ධි­පති හිමි­නම පිළි­බ­ඳව දැරිය සිය ප්‍රකා­ශය මඟින් අනා­ව­රණ කැර ඇත්තේ එම හිමි­න­මගේ නම සඳ­හන් කර­මින් ඡායා­රූප ද පෙන්ව­මිනි.

එම විහා­රා­ධි­පති හිමි­න­මට අන­තු­රුව දෙවැ­නුව දඹුල්ල ප්‍රදේ­ශයේ අදාළ ව්‍යාපා­රි­ක­යාත්, තෙවැ­නුව කොන්දො­ස්ත­ර­ව­ර­යකු වන තම පෙම්ව­තාත් අතින් තමන්ට ලිංගික අතවර  සිදු වූ බවද දැරිය එහිදී අනා­ව­ර­ණය කැර ඇත.

 (දිනමිණ -අනු­රා­ධ­පුර මධ්‍යම සමූහ – උපාලි ආනන්ද)

Follow by Email
LinkedIn
Share
WhatsApp