Impartial news reporting for a stronger democratic society
බංග්ලා­දේ­ශයේ සරම්ප රෝගය වසංගතයක් ලෙස පැතිර යයි ! කඩි­නම් පිය­වර ගන්නැයි මානව හිමි­කම් සංවිධානය ආණ්ඩුවට කියයි

මාර්තු මාසයේ මැද භාගයේ සිට මේ දක්වා බංග්ලා­දේ­ශයේ සරම්ප රෝගීන් පන­ස්ද­හ­ස­කට ආසන්න සංඛ්‍යා­වක් හඳුනාගෙන ඇති අතර, මරණ 300ක් සිදුව  ඇති බව අනාවරණය වෙයි.

මේ වසං­ග­තය තත්ත්වය පාල­නය කිරි­මට කඩි­නම් පිය­වර ගන්නැයි මානව හිමි­කම් සඳහා වූ ජාත්‍ය­න්තර සංග­මය එරට රජ­යෙන් ඉල්ලී­මක් කැර තිබේ. බංග්ලා­දේ­ශයේ සෞඛ්‍ය පද්ධ­තිය තුළ පව­තින දුර්ව­ලතා හේතු­වෙන් සරම්ප රෝගය වසං­ග­ත­යක් ලෙස රට පුරා ව්‍යාප්ත වී ඇති බවට එම සංග­මය චෝදනා කැර ඇතැයි  Cyber  World Prees   සඳහාන් කරයි.

ලෝක සෞඛ්‍ය සංවි­ධා­නයේ සහ යුනි­සෙෆ් සංවි­ධා­නයේ වාර්තා­ව­ලට අනුව කෙටි කාල­යක් ඇතු­ළත සරම්ප රෝගීන් දහස් ගණ­නින් වාර්තා ­වීම බර­ප­තළ තත්ත්ව­යක් බව ද මානව හිමි­කම් සඳහා වූ ජාත්‍ය­න්තර සංග­මය වැඩි­දු­ර­ටත් සඳ­හන් කැර තිබේ.

වසං­ග­ත­යට ගොදුරු වූ බහු­ත­රය සම්පූ­ර්ණ­යෙන්ම රජයේ ආර­ක්ෂාව සහ වග­කීම යටතේ පසු­වන අවු­රුදු 5ට වඩා අඩු වයසේ  දරු­වන් බවත් එම සංග­මය සඳ­හන් කැර තිබේ.

බංග්ලා­දේ­ශයේ පැතිරී යන මේ වසං­ග­තය සෞඛ්‍ය අර්බු­ද­යක් පම­ණක් නොව මානව හිමි­කම් ගැට­ලු­වක් බවත්, වසං­ග­තය පාල­නය කිරි­මට සහ තව­දු­ර­ටත් ජීවිත හානි සිදු­වීම වැළැ­ක්වී­මට ක්ෂණික සහ විනි­වි­ද­භා­ව­ය­කින් යුතු ක්‍රියා­මාර්ග අනු­ග­ම­නය කරන ලෙස ද මානව හිමි­කම් සඳහා වූ ජාත්‍ය­න්තර සංග­මය බංග්ලා­දේශ රජ­යට පෙන්වා දී ඇතැයි විදෙස් මාධ්‍ය සඳහාන් කරයි.

Follow by Email
LinkedIn
Share
WhatsApp