Impartial news reporting for a stronger democratic society
සටන් විරාමයෙන් මසකට පසු මැද පෙරදිග යළි ඇවිළෙයි ! ඉරානයෙන් මිසයිල 15ක් – ඩ්‍රෝන 4ක් එල්ල වූ එක්සත් අරාබි එමීර් රාජ්‍යය කියයි 

අමෙරිකාව සහ ඉරානය අතර සටන් විරාමය ප්‍රකාශයට පත්වීමෙන් මාසයකට පසු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ෆුජෙයිරා නුවර පිහිටි තෙල් ගබඩා පර්යන්තයට ප්‍රහාරයක් එල්ල වී ඇතැයි විදෙස් මාධ්‍ය අනාවරණය කරයි.

 ප්‍රහාරයෙන් පසු ඉරාන රජයේ රූපවාහිනි නාළිකාව එරට හමුදා නිලධාරියකු උපුටා දක්වමින් සඳහන් කැර ඇත්තේ, ෆුජෙයිරා තෙල් ගබඩා පර්යන්තයට ඉරානය පහර නොදුන් බවයි. එමිරේට්ස් රාජ්‍යයේ තෙල් ගබඩාවක් ඉලක්ක කැර ගැනීමට ඉරානයට කිසිදු සැලසුමක් නොමැති බව ද එරට රූපවාහිනි නාළිකාව වැඩිදුරටත් සඳහන් කැර තිබේ.

එසේ වුවත් තෙල් ගබඩාවට එල්ලවූ ඩ්‍රෝන ප්‍රහාරය ඉරානය දෙසින් පැමිණි බව එමිරේට්ස් රාජ්‍යයේ නිලධාරීන් තහවුරු කළ බව  අනානරණය වෙයි.විශේෂයෙන් තෙල් ගබඩා පර්යන්තය ඉලක්ක කරමින් ඉරානයෙන් මිසයිල 15ක් සහ ඩ්‍රෝන 4ක් එල්ල වූ බවත්, එරට ගුවන් ආරක්ෂණ පද්ධතිය මඟින් මිසයිල සහ ඩ්‍රෝන කිහිපයක් ගුවනේදීම විනාශ කිරීමට සමත්වූ බවත් එමිරේට්ස් ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කැර තිබේ.

තෙල් ගබඩාවට එල්ල වී ඇත්තේ ඉන් එක් ඩ්‍රෝන ප්‍රහාරයක් බව ද වාර්තා වේ. එමිරේට්ස් රාජ්‍යයේ නැඟෙනහිර කලාපයේ මේ මුහුදුබඩ නගරයේ තෙල් ගබඩාවේ ඩ්‍රෝන ප්‍රහාරයත් සමඟ විශාල ගින්නක් හටගෙන ඇති අතර, එහි සේවය කළ ඉන්දීය ජාතිකයන් තිදෙනකු තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහාන් කරයි. තුවාලකරුවන්ගේ තත්ත්වය බරපතළ නොවන බව එමිරේට්ස් මාධ්‍ය සඳහන් කැර තිබේ.

මේ අතර ඉරාන රජයේ රූපවාහිනි නාළිකාව එරට හමුදා නිලධාරියකු උපුටා දක්වමින් සඳහන් කැර ඇත්තේ, ෆුජෙයිරා තෙල් ගබඩා පර්යන්තයට ඉරානය පහර නොදුන් බවයි. එමිරේට්ස් රාජ්‍යයේ තෙල් ගබඩාවක් ඉලක්ක කැර ගැනීමට ඉරානයට කිසිදු සැලසුමක් නොමැති බව ද එරට රූපවාහිනි නාළිකාව වැඩිදුරටත් සඳහන් කැර තිබේ. එසේ වුවත් තෙල් ගබඩාවට එල්ලවූ ඩ්‍රෝන ප්‍රහාරය ඉරානය දෙසින් පැමිණි බව එමිරේට්ස් රාජ්‍යයේ නිලධාරීන් තහවුරු කළ බව  අනානරණය වෙයි.

Follow by Email
LinkedIn
Share
WhatsApp