
බාලවයස්කාර දැරියක බරපතළ ලිංගික අපයෝජනයට ලක් කළ බව කියන අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමියන්ගෙන් පොලිසිය ප්‍රකාශයක් ලබාගත් බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් ‘ද ලීඩර්’ ට පවසා ඇති බව අනාවරණය වෙයි.
අනතුරුව සිදුවීමට අදාළ යැයි කියන පෙදෙසේ ස්ථානීය පරීක්ෂාවක් කළ බව ද එම නිලධාරියා තවදුරටත් පවසා ඇත.
මව මුදල් ලබාගෙන ඊට හිලව්වට තමා මෙසේ අපයෝජනය සඳහා ලබා දුන් බවට වින්දිත දැරිය පොලිසියට කළ ප්‍රකාශ අනුව පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසුව මෙම සිදුවීම සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් කරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කැර තිබුණි.
අදාළ හිමිනමට අමතරව ව්‍යාපාරිකයකුට ද මුදල් ලබාගෙන තමා මෙසේ අපයෝජනයට ලබා දුන් බව දැරිය පවසා තිබේ.
මේ අතර මෙම සිදුවීම සම්බන්ධයෙන් තමාට වාර්තාවක් සපයන ලෙස කාන්තා හා ළමා කටයුතු ඇමැතිනි සරෝජා පෝල්රාජ් නිලධාරීන්ට නියෝග කර ඇත.
(Source -The Leadar- සටහන | ගිම්හාන් ද සිල්වා)
සබැඳි පුවතක් :
අටමස්ථානාධිපති සිදුවීම : කාන්තා හා ළමා ඇමැතිනිය වාර්තාවක් ඉල්ලයි
