
අමෙරිකාව, ඊශ්‍රායලය සමඟ එක් වී නැවතත් ඉරානයට ප්‍රහාර එල්ල කළහොත් “දීර්ඝ සහ වේදනාකාරී ප්‍රහාර” මඟින් ප්‍රතිචාර දක්වන බවට ඉරානය අනතුරු ඇඟවීමක් සිදු කැර බව ඉරානයේ සිටින Cyber World Press විශේෂ නියෝජිත කියයි.
ඉරානයට නැවත පහර දෙන බවට අමෙරිකා ජනාධිපති ඩොනල් ට්‍රම්ප් කළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් ටෙහේරානය මේ බව පවදා තිබේ.
අමෙරිකාව සීමිත ප්‍රහාරයක් එල්ල කළද, ඊට ප්‍රතිචාර වශයෙන් කලාපය පුරා පිහිටි අමෙරිකානු ඉලක්ක සහ යුද නෞකා වෙත දැඩි ප්‍රහාර එල්ල කරන බව ඉරාන විප්ලවීය ආරක්ෂක බලකායේ උසස් නිලධාරීන් ප්‍රකාශ කැර ඇතැයි විදෙස් මාධ්‍ය සඳහාන් කරයි.
හොර්මුස් සමුද්‍ර සන්ධිය වසා දැමීම සහ ඉරාන තෙල් අපනයනයට අමෙරිකාව පනවා ඇති නාවික අවහිරතාව හේතුවෙන් දෙරට අතර යුදමය තත්ත්වයක් නිර්මාණය වී ඇත.

