
මුදල් අමාත්‍යාංශය සතු අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක් අස්ථානගත වූ සිද්ධිය සම්බන්ධයෙන් වැඩ තහනමට ලක්ව සිටි මහ භාණ්ඩාගාරයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ සහකාර අධ්යක්ෂ රංග රාජපක්ෂ සිය ගෙවත්තේදී සැකකටයුතු ලෙස මිය යෑම විමර්ශනවලට දැඩි බාධාවක් සිදු කරන බව උසස් පොලිස් නිලධාරියෙක් ඊයේ (30) රාත්‍රියේ Cyber World Press විශේෂ නියෝජිත කළ විමසුමකදී සඳහන් කෙළේය.
එම උසස් පොලිස් නිලධාරීයා තවදුරටත් පැවසුවේ , මේ වන විට කළ මූලික විමර්ශන වලදී හෙළි වී ඇත්තේ රංග රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමට තරම් කරුණු වාර්තාවීමක් සිදු නොවූ බවත් ,ඔහු දූෂිත නිලධාරියෙකු නොවන බවත්ය.
කෙසේ වෙතත්, වැඩ තහනමට ලක්වීමෙන් පසුව ඔහු සිත්තැවුලෙන් සිට ඇති බව වාර්තා වෙයි.
ඊයේ(අප්‍රේල් 30) පෙරවරු 10.00ට පමණ ඔහු ‘වත්ත පහළ වැඩක් ඇති’ බව නිවැසියන්ට පවසා ගොස් ඇති බවත්, පසුව ඔහු නිවෙසට නොපැමිණි නිසා එහි ගොස් බලන විට ඔහු කෙසෙල් පඳුරක් අසල වැටී සිටින අයුරු නිවැසියන් දැක ඇති බව පොලිසිය පවසයි.
පොලිසිය තව දුරටත් පැවසුවේ රාජපක්ෂ මහතා ගෙවත්තේ වැටී සිටි අයුරු දුටු දියණිය ඒ පිළිබඳව මවට දැනුම්දීමෙන් අනතුරුව ඇය විසින් කුලියාපිටිය පොලිසිය දැනුම්වත් කැර ඇති බවය.
ඝාතනයක්ද නැතහොත් සියදිවි නසාගැනීමක්ද?

ඒ අනුව පොලිසිය කුලියාපිටිය, පහළ වීරඹේ ප්‍රදේශයේ පිහිටි රාජපක්ෂ මහතාගේ නිවෙසට ගොස් සිදුකළ පරීක්ෂාකිරීමේදී ගෙවත්තේ කෙසෙල් පඳුරක් අසල තරමක විශාල ලේ පැල්ලමක් තිබෙන අයුරු නිරීක්ෂණය කැර තිබේ.
එමෙන්ම රාජපක්ෂ මහතාගේ පාදයක සහ අතක කැපුම් තුවාල තුනක් දක්නට ලැබෙන බව පොලීසිය සඳහන් කෙළේය.
එමෙන්ම ඔහු වැටී සිටි ස්ථානය ආසන්නයේ තිබී කුඩා ප්‍රමාණයේ පිහියක්ද හමුවී තිබේ.
ඒ අනුව මෙය සැකකටයුතු මරණයක් ලෙස සලකා පොලිසිය ඒ පිළිබඳව විමර්ශන ආරම්භ කළ අතර ඒ අනුව මෙය ඝාතනයක්ද නැතහොත් සියදිවි නසාගැනීමක්ද යන්න පිළිබඳව විමර්ශන ක්‍රියාත්මකය.
කුලියාපිටිය වැඩබලන මහේත්‍රාත් කාංචනා රූපසිංහ සහ අධිකරණ වෛද්‍ය නිලධාරී බී.ඒ.සී. බාලසූරිය අද පස්වරුවේ එම ස්ථානයට පැමිණ මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදු කෙළේය.
සෑම අවස්ථාවකදීම විමර්ශන වලට උපරිම සහාය ලබා දීලා
මුදල් අමාත්‍යාංශය සතු අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක් අස්ථානගත වූ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව රංග රාජපක්ෂ මහතාව අවස්ථා තුනකදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබුණි.
එලෙස ඔහුව කැඳවා ඇත්තේ, සේවයේ නිරතව සිටින සමයේ එක් අවස්ථාවකත් වැඩ තහනමට ලක්ව සිටින සමයේ අවස්ථා දෙකකදීත් ලෙසයි.
ඒ සෑම අවස්ථාවකදීම ඔහු පැමිණ විමර්ශන සඳහා සහාය ලබා දී ඇති බවත්, ඔහුගේ පරිගණකය ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන තිබූ බවත් විමර්ශන නිලධාරීන් සඳහන් කෙළේය.
මෙතෙක් සිදුකළ විමර්ශනවලදී හෙළිවී ඇත්තේ, හැකර්වරුන් විසින් ව්‍යාජ ඊ මේල් පණිවුඩය මඟින් ලබාදුන් බැංකු ගිණුමට මුදල් බැරකිරීමේ මූලික පියවර මෙම නිලධාරියාගේ නොසැලකිල්ල මත සිදුව ඇති බවය.
හැකර්වරුන් විසින් එවන ලද පළමු ඊමේල් පණිවුඩයට ප්‍රතිචාර දක්වා ඇත්තේද මොහු විසින් බව සඳහා වෙයි.
මොහුට අධිකරණය මඟින් විදෙස්ගමන් තහනමක් ද පනවා තිබේ.
දූෂිත නිලධාරියෙකු නොවන බව මූලික විමර්ශනවලදී හෙළිවෙලා
ඔහුගේ පසුබිම සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂා කිරීමේදී ඔහු දූෂිත නිලධාරියෙකු නොවන බවට මූලික විමර්ශනවලදී හෙළි වූ බවත්, ඔහු අත්අඩංගුවට ගැනීමට තරම් කරුණු වාර්තාවීමක් නොවූ බවද විමර්ශන නිලධාරීන් පවසයි.
කෙසේවෙතත්, වැඩ තහනමට ලක්වීමෙන් පසුව ඔහු සිත්තැවුලෙන් සිට ඇති බවද සඳහාන් වෙයි.
රංග රාජපක්ෂ මහතාගේ මරණය විමර්ශනවලට දැඩි බාධාවක් බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කෙළේය.
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආදි විද්‍යාර්ථයෙක්
රංග රාජපක්ෂ මහතා කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන අතර ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආදි විද්‍යාර්ථයෙකි.
කුලියාපිටිය, පහළ වීරඹුව ප්‍රදේශයේ පදිංචිව සිටි 50 හැවිරිදි රංග රාජපක්ෂ දරුවන් දෙදෙනෙකුගේ පියෙකි.( Source-The Leader)
