
ශ්‍රී ලංකා සම්භවයක් ඇති කෙවින් නවෝද්‍ය , 2026 – Victorian Junior Track and Field Championship තරගය Lake side park , Melbourne හි වයස අවුරුදු 17න් පහළ මීටර් 110m කඩුලු මතින් දිවීමේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට සමත් වි ඇත.
ඔහුගේ දක්ෂතාවය ලෙස14.93 second සටහන් වී තිබේ.
පසුගිය දා පැවති 2026 ඕස්ට්‍රේලියා ජාතික කනිෂ්ඨ මළල ක්‍රීඩා තරගාවලිය (2026 – Australian Junior Athletics Nationals Championship ) Queensland ප්‍රාන්තයේ Brisbane නගරයේ QSAC Brisbane stadium ක්‍රීඩාංගනයේ දී පැවැත් විණි.
මෙම තරගාවලිය පැවති අතර එහි 17 න් පහළ මීටර් 110 H කඩුලු මතින් දිවීමේ අවසන් තරගයෙන් පස්වැනියා ලෙස තරගය අවසන් කළ අතර දක්ශතාවය ලෙස 14.45 seconds සටහන් විය. එහි දී Victoria ප්‍රාන්ත කණ්ඩායමේ සාමාජිකයකු ලෙස සහාය දිවීමේ ඉසව්වේ රන්පදක්කම දිනා ගැනීමට සමත් විය.
2024 වසරේ පැවති Adelaide SA Athletics Stadium ක්‍රීඩාංගනයේ පැවති Australian little Athletics National Championship තරගයේ දී වයස අවුරුදු 14 න් පහළ මීටර් 90m කඩුලු මතින් දිවීමේ ඉසව්වේ ප්‍රථම ස්තානය දිනාගැනීමට සමත්විය. දක්ෂතාවය ලෙස 12:54 සටහන් වී ඇත.
2023 වසරේ Perth හි පැවති WA Athletics stadium ක්‍රීඩාංගනයේ දී ජාතික පාසල් ශූරතාවයේ දී වයස අවුරුදු 14න් පහල මීටර් 90m කඩුලු මතින් දිවීමේ ඉසව්වේ දෙවැනි ස්තානය දිනාගැනීමට සමත්විය විය . දක්ශතාවය ලෙස 12:94 සටහන් විය.
කෙවින්ගේ පුහුණුකරු ලෙස Katie Sandhu කටයුතු කරනු ලබයි.

සමීර මදුසංක හේවා ගමගේ
