
වාද්දුව දුම්රිය ස්ථානය ආසන්නයේදී පෙරේදා (24) උදෑසන සාගරිකා දුම්රිය පීළී පැණීමකට ලක් වු අතර, දුම්රිය කාර්මිකයන් ඉතා කඩිනමින් සාර්ථකව එය පීළි ගත කැර කොළඹ ධාවනාගාරය බලා නැවත ධාවනය වෙමින් තිබියදී කොම්පඤ්ඤවීදිය – මහ ලේකම් කාර්යාලය අතරදී යළිත් ඊයේ (25) පීළී පැන ඇත.
මේ වන විට මුහුදු බඩ දුම්රිය මාර්ගයේ එක් මාර්ගයක් යළිත් අවහිර වී ඇති අතර, සාගරිකා දුම්රිය නැවත පීළිගත කිරිමේ වැඩකටයුතු මේ වන විටත් ආරම්භ කැර ඇති බව අනාවරණය වෙයි..
මේ වන විට කොටුව සහ වැල්ලවත්ත අතර එක් මාර්ගයක පමණක් දුම්රිය ධාවනය සිදු වන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහාන් කරයි.
