
ඉරානයට එරෙහි ගෙන යන යුද්ධයේ බලපෑම් හේතුවෙන් මිලියන 30 කට අධික ජනතාවක් දරිද්‍රතාවයට ඇද වැටෙනු ඇති බවත්, ගැටුමේ ප්‍රතිවිපාක ලෙස ඉදිරි මාසවලදී ආහාර අනාරක්ෂිතභාවය ඇති වීමට ඉඩ ඇති බවත් එක්සත් ජාතීන්ගේ සංවිධානය අනතුරු අඟවා ඇත.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP) ප්‍රධානී ඇලෙක්සැන්ඩර් ඩි කෲ සඳහන් කර තිබුණේ, ගොඩනැගීමට දශක ගණනාවක් ගත වන දේවල්, ඒවා විනාශ කිරීමට සති අටක යුද්ධයක් හේතු වී ඇති බවත්, හෙට යුද්ධය නතර වුවද, එම බලපෑම්, ඔබ සතුව දැනටමත් ඇති අතර, ඒවා මිලියන 30 කට අධික ජනතාවක් දරිද්‍රතාවයට තල්ලු කරනු ඇති බවයි.
හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා භාණ්ඩ ප්‍රවාහන යාත්‍රා අඛණ්ඩව අවහිර කිරීම හේතුවෙන් ඉන්ධන සහ පොහොර සැපයුම්වලට ඇති වන බාධා දැනටමත් කෘෂිකාර්මික ඵලදායිතාව අඩු කැර ඇති අතර මෙම වසර අගදී බෝග අස්වැන්නට බලපානු ඇත. එය මාස කිහිපයකින් ආහාර අනාරක්ෂිතභාවය එහි උච්චතම මට්ටමට පැමිණෙනු ඇත.
එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO) පසුගිය සතියේ අනතුරු අඟවා තිබුණේ, හොමුස් සමුද්‍ර සන්ධියේ දිගුකාලීන අර්බුදයක් ගෝලීය ආහාර ව්‍යසනයකට තුඩු දිය හැකි බවත්, මෙහි බලපෑම ඉන්දියාව, බංග්ලාදේශය, ශ්‍රී ලංකාව, සෝමාලියාව, සුඩානය, ටැන්සානියාව, කෙන්යාව සහ ඊජිප්තුව යන රටවලට එල්ලවිය හැකි බවයි.( දිනමිණ ඇසුරෙන්)
