Impartial news reporting for a stronger democratic society
පිළිකාවක් ඇති බව බෙන්ජමින් නෙතන්යාහු පිළි ගනී

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු පසුගිය දා (24) පැවසුවේ තමාට මෑතකදී පුරස්ථි ග්‍රන්ථි පිළිකාවක් ඇති බව හඳුනාගෙන ප්‍රතිකාර කළ බවයි.

 ප්‍රතිකාර වලින් පසුව තමන් සම්පූර්ණයෙන්ම සුවය ලබා ඇති බවත්, තවමත් වෛද්‍ය ප්‍රතිකාර ලබන බව  අගමැතිවරයා විදෙස් මාධ්‍යයට  පවසා ඇති බව අනාවරණය වෙයි.

76 හැවිරිදි අගමැති බෙන්ජමින් නෙතන්යාහු  පසුගිය සිකුරාදා පැවසුවේ තමා නිරෝගීව සිටින බවයි. “දැන් මම විශිෂ්ට ශාරීරික තත්ත්වයකින් සිටිනවා. මගේ පුරස්ථි ග්‍රන්ථියේ සුළු වෛද්‍ය ගැටලුවක් තිබුණා. දැන් එය සම්පූර්ණයෙන්ම සුවයි.

වසර එකහමාරකට පෙර, මම විශාල වූ පුරස්ථිති ග්‍රන්ථියක් සඳහා සාර්ථක සැත්කමක් කළා. එතැන් සිට මම නිතිපතා වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටිනවා. පසුගිය නිරීක්ෂණවලදී, පුරස්ථි ග්‍රන්ථියේ සෙන්ටිමීටරයකට වඩා අඩු කුඩා ලපයක් සොයා ගන්තා. ඒක මාරාන්තික පිළිකාවක ඉතා මුල් අවධියක්. දෙවියන්ට ස්තූතියි, මමත් මේකෙන් ගොඩ ආවා” බවයි අගමැතිවරයා පවසන්නේ.

ඔහු තම වෛද්‍යවරුන්ට සහ වෛද්‍ය කණ්ඩායමට ස්තූති කළ අතර “ඔබේ සෞඛ්‍යය ගැන සැලකිලිමත් වන ලෙස” තම ඡන්දදායකයින්ගෙන් ඉල්ලා සිටියේය.

Follow by Email
LinkedIn
Share
WhatsApp