
කුෂ් ග්‍රෑම් 2,505ක් සමඟ ශ්‍රී ලාංකික ගුවන් මගියකු කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ.
රුපියල් මිලියන 25ක් පමණ වටිනාකමකින් යුත් මෙම කුෂ් මත්ද්‍රව්‍ය තොගය බැංකොක් සිට කොළඹ ට පැමිණි 33 හැවිරිදි පුද්ගලයකුට අයත් බව අනාවරණය වී තිබේ.
මෙම සිද්ධියට අදාළ සැකකරු කොළඹ ප්‍රදේශයේ පදිංචි ඡායාරූප ශිල්පියකු බව පොලිසිය කියයි.
ඔහු හරිත මාර්ගය හරහා පිටවීමට තැත්කිරීමේදී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන්ට ඇතිවූ සැකයක් මත පරීක්ෂා කිරීමේදී, ඔහුගේ ගමන් මල්ලක් තුළ ඉතා සූක්ෂමව මෙම කුෂ් තොගය අසුරා තිබියදී සොයා ගැනීමට හැකිව ඇත.
අදාළ කුෂ් තොගය වියළි පලතුරු පැකට් තුළ අසුරා තිබීයදී සොයාගෙන ඇත.
වැඩිදුර විමර්ශන සඳහා කුෂ් තොගය සමඟ සැකකරු ගුවන්තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යාලය වෙත භාරදී ඇත.
