
ඉරානය සමඟ පවතින සටන් විරාමය කාල සීමාවකින් තොරව දීර්ඝ කිරීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගත් තීරණයත් සමඟ, හෝමුස් මැරීන් හවුලේ නැව් දෙකකට ප්‍රහාර එල්ල කැර ඇති බව සඳහාන් වේ.
බ්‍රිතාන්‍ය හමුදා ආරංචි මාර්ගවලට අනුව, එක් භාණ්ඩ ප්‍රවාහන නෞකාවකට සහ එක් බහාලුම් නෞකාවකට මේ ආකාරයෙන් ප්‍රහාරයක් එල්ල වී ඇති අතර, එය දෙරට අතර සාම සාකච්ඡා නැවත ආරම්භ කිරීමේ උත්සාහයන්ට දැඩි බාධාවක් වී තිබේ.
එක්සත් රාජධානියේ සමුද්‍ර මෙහෙයුම් මධ්‍යස්ථානය පවසන්නේ ඉරාන විප්ලවවාදී බලකායට අයත් ප්‍රහාරක නෞකාවක්, ඕමාන් මුහුදු සීමාවේදී බහාලුම් නෞකාවකට වෙඩි තබා නෞකාවේ පාලන මැදිරියට දැඩි හානි සිදු කැර ඇති බවයි.
අදාළ නැව් නිසි අවසරයකින් තොරව කලාපයට ඇතුළු වූ බවත්, ඒවායේ සංඥා පද්ධති අක්‍රිය කැර ඇති බවත් පවසමින් ඉරාන විප්ලවවාදී බලකාය මෙම ප්‍රහාරවල වගකීම භාරගෙන තිබේ.

