Impartial news reporting for a stronger democratic society
යුද උණුසුම සමනය කිරීමට මැදිහත් වෙන්න සුදානම් : ඉරානය සමඟ යුද්ධය තව දුරටත් පැවතුන හොත්  මුළු යුරෝපයම දුර්වල  වෙනවා – තුර්කි ජනාධිපති රිසෙප් ටයීප් එර්ඩෝගන් අවධාරණය කරයි

 

මැදපෙරදිග කලාපයේ, විශේෂයෙන් ඉරානයේ ඇති විය හැකි මිලිටරි තත්ත්වය හේතු කොට ගෙන යුරෝපය දේශපාලනිකව  සහ ආර්ථිකමය වශයෙන් දැඩි ලෙස දුර්වල විය හැකි බව තුර්කි ජනාධිපති රිසෙප් ටයීප් එර්ඩෝගන් අවධාරණය කරයි.

ඉරානය සමඟ යුද්ධයක් ආරම්භ වුවහොත් යුරෝපයට දැවැන්ත සරණාගත  ප්‍රශ්නයක්  ඇති විය හැකි  බවත්, එය යුරෝපයේ ස්ථාවරත්වයට ප්‍රධාන තර්ජනයක් බව ජනාධිපති රිසෙප් ටයීප් එර්ඩෝගන් පෙන්වා දෙයි.

බලශක්ති සැපයුම් මාර්ග අවහිර වීම සහ තෙල් මිල ඉහළ යෑම හේතුවෙන් දැනටමත් උද්ධමනයෙන් පීඩා විඳින යුරෝපීය ආර්ථිකයන් අඛණ්ඩව බිඳ වැටිය හැකි බව ද  ඔහු පැවසයි.

කලාපීය අස්ථාවරත්වය හේතුවෙන් අන්තවාදී කණ්ඩායම් හිස එසවීම යුරෝපයේ අභ්‍යන්තර ආරක්ෂාවට සෘජු බලපෑමක් ඇති කරන බව ඔහු අවධාරණය කරන ප්‍රධාන කරුණකි.

ඉරානය සහ ඊශ්‍රායලය – ඇමරිකා එක්සත් ජනපදය අතර වර්ධනය වන යුද උණුසුම සමනය කිරීම සඳහා තමන් මැදිහත් වී ක්‍රියා කිරීමට සූදානම් බව එර්ඩෝගන් ජනාධිපතිවරයා තවදුරටත්  පෙන්වා  දී ඇති බව  තුර්කියේ අන්කාර නුවර සිටින  Cyber World  Press  විශේෂ නියෝජිත පවසයි.

Follow by Email
LinkedIn
Share
WhatsApp