Impartial news reporting for a stronger democratic society
මාස 4ක් තුළ සංචාරකයන් 840,000 ට වැඩි පිරිසක් ලංකාවට ඇවිත්

සංචාරකයන් 840,000 ට වැඩි පිරිසක් මෙම වසරේ ගත වු කාලය තුළ දිවයිනට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

ඒ අනුව ජනවාරි පළමු වැනි දි  සිට අප්‍රේල් 22 වැනි දා දක්වා කාලය තුළ සංචාරකයින් 840,411ක් දිවයිනට පැමිණ ඇති බව එම අධිකාරිය සඳහන් කෙළේය.

ඉන් වැඩි දෙනෙකු ඉන්දීය ජාතිකයින් වන අතර එම සංඛ්‍යාව 176,465ක් වේ.

එමෙන්ම බ්‍රිතාන්‍ය, රුසියාව, ජර්මනිය සහ චීනය ඇතුළු රටවලින් ද සංචාරකයින් වැඩි පිරිසක් දිවයිනට පැමිණ තිබේ.

මේ අතර අප්‍රේල් මස පළමු දින සිට 22 වැනි දින දක්වා කාලය තුළ සංචාරකයින් 99,777 දෙනෙකු දිවයිනට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කෙළේය.

කෙසේ වෙතත් මෙම දත්ත නිරීක්ෂණය කිරීමේ දී පෙනී යන්නේ පසුගිය මාසයන්ට සාපේක්ෂව අප්‍රේල් මාසයේ දෛනික සංචාරක පැමිණීම සැලකිය යුතු ලෙස පහළ ගොස් ඇති බවයි.

Follow by Email
LinkedIn
Share
WhatsApp