
‘එහිපස්සිකෝ‘ සාම පාගමන වාර්තා කිරීමේ රාජකාරි කරමින් සිටි ලේක් හවුස් මාධ්‍යවේදීන් දෙදෙනෙකුට බාධා කිරීම, ශාරීරිකව පහර දීම සහ බිය ගැන්වීම් සිදු කළ ජනාධිපති මාධ්‍ය උපදේශක චන්දන සූරියබණ්ඩාර ගේ අසෝභන ක්‍රියා කලාපය හෙළා දකිමින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය (SLWJA) , අනුර කුමාර දිසානායක ජනාධිපති වෙත ලිපියක් යවා තිබේ.
එම සංගමයේ සභාපති දුමින්ද සම්පත් මහතාගේ අත්සනින් නිකුත්කැර ඇති ලිපියේ තවදුරටත් මෙසේද සඳහාන් වේ.
2026 අප්‍රේල් 23 දිනැති ලිපියකින් SLWJA කියා සිටියේ චන්දන සූරියබණ්ඩාර සිය ඉලක්ක කැරගත් මාධ්‍යවේදීන් රාජ්‍ය මාධ්‍ය ආයතනයක් වන ලේක් හවුස් හි සේවකයන් ලෙස කටයුතු කරයි.ඔවුන් සේවය නිසි අන්දමින් සිදු කරමින් සිටි බව කිවයුතුය.
“ඔබේ මාධ්‍ය උපදේශකවරයා රාජ්‍ය නිලධාරියෙකුගේ අධිකාරියේ විෂය පථයෙන් ඔබ්බට ක්‍රියා කැර ඇති අතර, අනවශ්‍ය ලෙස පෞද්ගලික මාධ්‍ය ආයතනවලට ප්‍රමුඛත්වය දී ඇත,” යනුවෙන් සංගමය පැවසූ අතර, මෙම සිද්ධිය වත්මන් පරිපාලනයේ මාධ්‍ය ප්‍රතිපත්තිය පැහැදිලිව පිළිබිඹු කරන බව ලිපියෙන් පෙන්වා දී ඇත.
මෙම ප්‍රහාරය ජාතික මාධ්‍ය ප්‍රතිපත්තිය, ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනත සහ පෙර රජයන්ගෙන් උරුම වූ මාර්ගගත ආරක්ෂණ පනත අඛණ්ඩව පවත්වාගෙන යෑම උපුටා දක්වමින් SLWJA තවදුරටත් මෙම ප්‍රහාරය විස්තර කළේ රාජ්‍ය යාන්ත්‍ර මර්දනයේ දිගුවක් ලෙසයි.
රාජ්‍ය බලය යොදා ගනිමින් මාධ්‍ය නිදහස මර්දනය කිරීම නැවැත්වීමට වහාම පියවර ගන්නා ලෙස ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටි අතර, මාධ්‍යවේදීන්ට වෘත්තීය ගෞරවයෙන් යුතුව තම රාජකාරි ඉටු කළ හැකි පරිසරයක් නිරිමාණය කිරීමට කැප වෙන ලෙසද ඉල්ලා සිටියේය.
“ඔබේ ජාතික ජන බලවේග ආණ්ඩුව මර්දනය කළ යුත්තේ මේ රටේ මාධ්‍ය හෝ මාධ්‍යවේදීන් නොව, ඔබේ මාධ්‍ය උපදේශක වැනි නිලධාරීන් බවත්, ඔවුන් එවැනි මැර ක්‍රියා දිගටම කැරගෙන යෑම එමඟින් ආණ්ඩුව අපකීර්තියට පත් වීම වැළක්විය නොහැකි කරුණක් බව මතක් කැර දීම කාලෝචිත කරුණක් යැයි ,” යනුවෙන් ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය එම ලිපියෙන් පෙන්වා දී ඇත.
මෙම ලිපියට SLWJA සභාපති දුමින්ද සම්පත් සහ ලේකම් රංග බණ්ඩාරනායක විසින් අත්සන් කරන ලද අතර එහි පිටපතක් මාධ්‍ය ඇමැති ආචාර්ය නලින්ද ජයතිස්ස වෙත යොමු කැර ඇත.

