Impartial news reporting for a stronger democratic society
මුදල් ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වීමේ අවශ්‍යතාවයක් තවම නැහැ –  ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම

භාණ්ඩාගාරයේ සිදු වූවා යැයි කියන  අමෙරිකානු ඩොලර් මිලියන 2.5 ක වංචාව සම්බන්ධයෙන් තමාට එල්ල වී ඇති චෝදනා හමුවේ මුදල් ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වීමේ අවශ්‍යතාවයක් මේ මොහොතේ නොමැති බව  ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම පවසයි.

භාණ්ඩාගාරයේ විවිධ මූල්‍ය අක්‍රමිකතා සහ වංචා පිළිබඳ චෝදනා සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් මතු කරන ලද ප්‍රශ්නවලට ඔහු පිළිතුරු දෙමින් හේ  මේ බව කියා සිටියේය.

තවදුරටත් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම පැවසුවේ , වංචාව සම්බන්ධයෙන් පරීක්ෂණ කිහිපයක් සිදුවෙමින් පවතින අතර, ඉල්ලා අස්වීමක් ඔවුන්ගේ ප්‍රගතිය මත රඳා පැවතිය යුතු බවයි. .

වංචාව සම්බන්ධයෙන් අත්හිටුවන ලද පහළ මට්ටමේ නිලධාරීන්ට එරෙහි පදනම සහ නිශ්චිත චෝදනා හෙළි කිරීම ආචාර්ය සූරියප්පෙරුම ප්‍රතික්ෂේප කෙළේය.

මේ වන විට මෙම මුදල් වංචාව සම්බන්ධයෙන් රටතුළ ආන්දෝලනයක් මතුව ඇති අතර, විරුද්ධ පක්ෂය සහ මෙරට  බහුජන සංවිධාන කියා සිටින්නේ ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම සිය ලේකම් ධුරයෙන් ඉවත්  විය යුතු බවයි.එසේ නොවීම තුළ සාධාරණ පරීක්ෂණයක් සුදු නොවන බව ඔවුන් පෙන්වා දෙයි.

Follow by Email
LinkedIn
Share
WhatsApp