Impartial news reporting for a stronger democratic society
ශ්‍රී ලංකා සම්භවයක් ඇති කෙවින් රනින් බැබලෙයි

ඕස්ට්‍රේලියා ජාතික කනිෂ්ඨ මළල ක්‍රීඩා තරගාවලිය (Australian Junior Athletics Nationals Championship ) Queensland ප්‍රාන්තයේ Brisbane නගරයේ QSAC Brisbane stadium ක්‍රීඩාංගනයේ දී පසුගිය දා පැවත් විණි.

ශ්‍රී ලංකා සම්භවයක් පවතින පහළොස් හැවිරිදි කෙවින් ද සිල්වා වයස අවුරුදු 17 න් පහළ මීටර් 100m ඉසව්වේ රන් පදක්කම  සහ මීටර් 200m ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් වී ඇත.

 100m ඉසව්වේ ඔහුගේ දක්ෂතාවය තත්ත්පර 10.75 PB වන අතර, මීටර් 200m ඉසව්වේ දක්ෂතාවය තත්ත්පර 21.53කි. මෙයට අමතරව මීටර් 100×4m සහාය දිවීමේ ඉසව්වේ ද රන්පදක්කම දිනා ගැනීමට සමත් විය. 

2025 වසරේ පැවති ඕස්ට්‍රේලියා ජාතික පාසල් මළල ක්‍රීඩා තරගාවලිය

(All Schools Australian National Championsh) මෙල්බන් නුවර Lakeside Stadium ක්‍රීඩාංගණයේදී පැවති අතර, එහි දී කෙවින් ද සිල්වා රන් පදක්කම් ත්‍රිත්වයක් දිනා ගැනීම විශේෂයත්වයකි.

එහිදී මීටර් 100m ඉසව්ව තත්ත්පර 10.86 දක්ෂතාවයක් පෙන්නුම්  කරමින් රන් පදක්කම දිනා ගත් අතර,  මීටර් 200m ඉසව්ව තත්ත්පර 21.77 දක්ෂතාවයක්  පෙන්නුම් කරමින්   රන් පදක්කම සහ මීටර් 100×4m ඉසව්වේ රන් පදක්කම ද දිනා ගැනීමට සමත් විය. කෙවින් ද සිල්වාගේ වර්තමාන පුහුණුකරු ලෙස කටයු කරනු ලබන්නෙ ඕස්ට්‍රේලියානු ජාතික Mike Donato මහතාය. 

 සටහන –

සමීර මදුසංක හේවා ගමගේ

Follow by Email
LinkedIn
Share
WhatsApp