
අමෙරිකානු ඩොලර් මිලියන 90ක් වටිනා (ජපාන යෙන් බිලියන 14.3ක්) කොකේන් කිලෝ ග්‍රෑම් 270ක් කන්ටේනරයක අසුරා ජපානයට ප්‍රවාහනය කළ පාකිස්තාන ජාතිකයකු ඇතුළු පුද්ගලයන් 6 දෙනකු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී අත්අඩංගුවට පත් වී ඇතැයි විදෙස් මාධ්‍ය සඳහාන් කරයි.
ප්‍රධාන සැකකරු වන 53 හැවිරිදි ෂෆ්කත් මුෂ්ටාක් නමැති පාකිස්තාන ජාතිකයා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පාවිච්චි කරන ලද වාහන අලෙවි කිරීමේ ව්‍යාපාරයක නිරතවූවකු බවත්, ඔහු ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ බවට සැක කරන බවත් ජපාන බලධාරින් ප්‍රකාශ කැර තිබේ.
පසුගිය දෙසැම්බරයේදී ටෝකියෝ නුවරට සේන්දු වූ කන්ටේනරය භාර ගැනීමට කිසිවකු ඉදිරිපත් නොවීම හේතුවෙන් පසුගිය මාර්තු මස අගභාගයේදී ටෝකියෝ නුවර බලධාරින් එය පරීක්ෂාවට ලක් කැර ඇති අතර, රූපලාවණ්‍ය කටයුතු සඳහා භාවිත කරන පවුඩර් වර්ගයක් ලෙස ලේඛනගත කළ මළු 742කින් මළු 18ක් කොකේන් තොග බවට සොයාගෙන තිබේ.
අත්අඩංගුවට පත්වු සෙසු සැකකරුවන් පස්දෙනා පාකිස්තාන හෝ ශ්‍රී ලාංකික ජාතිකයන් බවට වාර්තා වී ඇතැයි ජපෑන් ටයිම්ස් පුවත් සේවය සඳහන් කෙළේය.
