Impartial news reporting for a stronger democratic society
අන්දමන් මුහුදේ දී ට්‍රෝලර් යාත්‍රා­වක් පෙරළී සර­ණා­ග­ත­යන් 250ක් අතුරුදන්

බංග්ලා­දේ­ශයේ සිට මැලේ­සි­යාව බලා ගමන් කළ සර­ණා­ග­ත­යන් රැගත් ට්‍රෝලර් යාත්‍රා­වක් අන්දමන් මුහුදේ දී අන­තු­රට ලක්වී­මෙන් එහි සිටි රෝහින්ග්‍යා සහ බංග්ලා­දේශ ජාති­ක­යන් 250 දෙනකු පමණ අතු­රු­දන් වී ඇතැයි එක්සත් ජාතීන්ගේ සර­ණා­ගත ඒජ­න්සිය නිවේ­ද­නය කැර තිබේ.

 පසු­ගිය 4 වැනිදා බංග්ලා­දේ­ශ­යෙන් පිටත් වී ඇති සර­ණා­ග­ත­යන් රැගත් ට්‍රෝලර් යාත්‍රාව ඊට දින තුන­කට පසු කුණා­ටු­ව­කට හසුවූ බවට තොර­තුරු ලැබී ඇත. යාත්‍රාව පෙර­ළී­මෙන් පසු දින දෙක­කට ආසන්න කාල­යක් ලී කැබලි සහ යාත්‍රාවේ වෙනත් සුන්බුන් මත නැඟ ජීවිත බේරා ගැනී­මට සරණාගතයන් උත්සාහ කැර ඇති බවත්, පසු­ගිය 11 වැනිදා අලු­යම බංග්ලා­දේශ ධජය සහිත නෞකා­ව­කින් මුහුදේ පාවෙ­මින් සිටි පිරි­ස මුදා­ගෙන ඇති බවත් Cyber World Press සඳහාන් කරයි.

දිවි බේරා­ගත් පුද්ග­ල­යන් ලබා දුන් තොර­තු­රු­ව­ලට අනුව ට්‍රෝලර් යාත්‍රාව අන­තු­රට ලක්වන විට එහි විශාල පිරි­සක් ගමන් කැර ඇති අතර, අතු­රු­දන් වූ පුද්ග­ල­යන්ගේ සංඛ්‍යාව නිශ්චිත වශ­යෙන් තහ­වුරු නොවු­වත් එය 250කට ආසන්න විය හැකි බව බංග්ලා­දේ­ශයේ වෙර­ළා­ර­ක්ෂක බළ­කාය ප්‍රකාශ කැර ඇතැයි Cyber World Press වැඩි­දු­ර­ටත් සඳහාන් කරයි. මුදා­ගත් පුද්ග­ල­යන් අතර රෝහින්ග්‍යා සහ බංග්ලා­දේශ ජාති­ක­යන් සිටි බවත්, අතු­රු­දන් වූ පුද්ග­ල­යන් හෝ ට්‍රෝලර් යාත්‍රාව ගැන කිසිදු හෝඩු­වා­වක් නොමැති බවත් වෙර­ළා­ර­ක්ෂක බළ­කාය සඳ­හන් කළ බව Cyber World Press කියයි.

Follow by Email
LinkedIn
Share
WhatsApp