Impartial news reporting for a stronger democratic society
දික්ඕවිට වරායට ගෙනා යාත්‍රාවේ හෙරොයින් කිලෝ 150ක් : වටිනාකම රුපියල් බිලියන 4ක්

මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබියදී නාවික හමුදා භාරයට ගත් බහුදින ධීවර යාත්‍රාවේ රුපියල් කෝටි 400කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් මත්ද්‍රව්‍ය ඇතැයි අනාවරණය වී තිබේ.

අදාළ මත්ද්‍රව්‍ය තොගය නිරීක්ෂණයට එක්වෙමින් ආරක්ෂක නියෝජ්‍ය  ඇමැති අරුණ ජයසේකර මහතා මේ බව සඳහන් කෙළේය.

ඒ අනුව මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සිදුකළ පරීක්ෂාවේදී මෙම යාත්‍රාවේ තිබූ මත්ද්‍රව්‍ය හෙරොයින් බවට අනාවරණය වී ඇති අතර ඒ තුළ තිබී මත්ද්‍රව්‍ය කිලෝ 150කට අධික ප්‍රමාණයක් නිලධාරීන්  භාරයට ගෙන තිබේ.

බහුදින ධීවර යාත්‍රාවේ සිටි සැකකරුවන් 04 දෙනා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය ගොඩබිමට රැගෙන ආ පසු අත්අඩංගුවට ගැනුණි.

ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේදී ඊයේ (16) සිදුකළ විශේෂ මෙහෙයුමක් අතරතුර නාවික හමුදාව  අදාළ බහුදින ධීවර යාත්‍රාව සිය භාරයට ගත් අතර, ඒ තුළ තිබූ මත්ද්‍රව්‍ය බහාලු උර 6ක් සමඟ මෙම සැකකරුවන් 04 දෙනා නිලධාරී භාරයට ගෙන තිබුණි.

Follow by Email
LinkedIn
Share
WhatsApp