Impartial news reporting for a stronger democratic society
චීන ජනපති ප්‍රධානත්වයෙන් ස්වේච්ඡා රුක් රෝපණ වැඩසටහනක්

චීන කොම්යුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ මහලේකම්,ජනාධිපති සහ මධ්‍යම හමුදා කොමිසමේ සභාපති ෂී ජින්පිං අද (31) පෙරවරුවේ බෙයිජිං හිදී ස්වේච්ඡා රුක් රෝපණ වැඩසටහනකට සහභාගී විය.

යහපත් පරිසරයක් යනු සැමට බෙදා ගත හැකි දෙයක් බවත්, එය ගොඩනැඟීමට ඒකාබද්ධ උත්සාහයන් අවශ්‍ය බවත් හෙතෙම එහිදී අවධාරණය කෙළේය.

 චීන මාදිලියේ පරිසර හිතකාමී නවීකරණයේ බලගැන්වීම සඳහා රුක් රෝපණයට සහභාගී වීමට මුළු සමාජයම සංවිධානය කැර බලමුළු ගැන්විය යුතු බව හෙතෙම පැවසීය.

රුක් රෝපණයෙහි නිරත වන අතරතුර ෂී ජින්පිං එහි සිටි අදාළ ආයතනවල නිලධාරීන්, සේවකයන් මෙන්ම පාසල් සිසුන් පිරිසක් සමඟ සුහද පිරිසඳරක නිරත විය.

මෙම වසර 15 වන පස් අවුරුදු සැලැස්මේ ආරම්භය සහ චීනය පුරා ස්වේච්ඡා රුක් රෝපණ ව්‍යාපාරයේ 45 වැනි සංවත්සරය සනිටුහන් කරන බව ෂී ජින්පිං මහතා පෙන්වා දුන්නේය. සුන්දර චීනයක් ගොඩනැඟීමේදී රුක් රෝපණය හා වනාන්තරකරණය වැදගත් කාර්යයන් බවත්, ඒ සඳහා දිගුකාලීන දැක්මකින් එක්ව කටයුතු කළ යුතු බවත් ෂී ජින්පිං එහිදී වැඩිදුරටත් සඳහන් කෙළේය.

Follow by Email
LinkedIn
Share
WhatsApp