Impartial news reporting for a stronger democratic society
තායිවානය මෙහෙයවීමට ගියහොත්  චීන – අමෙරිකා සබඳතා බිඳ වැටීම වලක්වන්න බැහැ – ට්‍රම්ප්ගේ මුහුණට ම චීන ජනපති ෂී ජින්පින් කියයි

තායිවානය තම රටට එරෙහිව මෙහෙයවීමට ගියහොත්  චීන – අමෙරිකා සබඳතාවලට ගැටලු ඇති විය හැකි බව චීන ජනපති ෂී ජින්පින් පවසයි.

ඔහු මේ බව කියා සිටියේ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ එරට දූත පිරිස සමඟ පැවැත්වෙන ද්විපාර්ශ්වික සාකච්ඡාවලදීය.

මෙම ගැටලුව “නිසි ලෙස” හසුරුවන්නේ නම්,  අමෙරිකා එක්සත් ජනපදය හා චීනය යන  රටවල් දෙකටම ස්ථාවර සම්බන්ධතාවයක් භුක්ති විඳිය හැකි බව චීන ජනාධිපතිවරයා සඳහන් කැර ඇතැයි බිජිං නුවර සිටින Cyber World Press  විශේෂ නියෝජිත පවසයි.

එසේ නොවුවහොත්, “දෙරට අතර ගැටුම් පවා ඇති වනු ඇති අතර, එමඟින් සමස්ත සම්බන්ධතාවයම අනතුරට පත්වන බව චීන ජනපති ෂී ජින්පින් අනතුරු අඟවා  ඇතැයි Cyber World Press  විශේෂ නියෝජිත පවසයි.

Follow by Email
LinkedIn
Share
WhatsApp