Impartial news reporting for a stronger democratic society
හිරුණිකා ප්‍රේමචන්ද්‍ර අත්අඩංගුවට ගන්නැයි නියෝගයක්

අධිකරණ නියෝග කඩකරමින් පැවැත්වූ උද්ඝෝෂණයකට අදාළ නඩුවක් සම්බන්ධයෙන්  හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු දෙදෙනකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන ඊයේ (15 ) නියෝග කෙළේය.

නඩුව කැඳවූ අවස්ථාවේදී ඇය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් ඇය අසනීප තත්ත්වයෙන් පසුවන බව දැනුම් දුන්නද, ඊට අදාළ වෛද්‍ය සහතික ඉදිරිපත් කිරීමට අපොහොසත් වීම නිසා මහේස්ත්‍රාත්වරයා විසින් මෙම අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව නිකුත් කරන ලදී.
සිද්ධිය සම්බන්ධයෙන් ඇප මත මුදා හැර ඇති සැකකරුවන් 10 දෙනෙක් විවෘත අධිකරණයේ පෙනී සිටියේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ පුද්ගලික නිවෙසට ගිනි තැබූ 2022 වසරේ ජූලි 09 වැනිදාට දින දෙකකට පෙර එනම්, 2022 වසරේ ජූලි මස 07 වැනිදා  සිදු කළ උද්ඝෝෂණයේදී අධිකරණ නියෝග කඩ කළ බවට හිරුණිකා නෙරංජලී ප්‍රේමචන්ද්‍ර, නිරූපමා කරුණානායක, සප්නා දීපිසිකා, චමිලා නිලානි අබේකෝන්, රොසෙල් විජේරත්න, සදරුවන් රොද්‍රිගු, යූ ප්‍රකාශ්, ගිහාන් අල්මේදා, රවීන්ද්‍ර පනාවිල, විජේරත්න ජයවික්‍රම, රම්සික, කාවින්ද උදයංග, ඇතුළු පිරිසක් පසුව ඇප මත මුදා හැර තිබිණ.
නඩුව කැඳවූ අවස්ථාවේදී ඇප මත මුදා හරින ලද අනෙකුත් සැකකරුවන් අධිකරණය හමුවේ පෙනී සිටියේය.

Follow by Email
LinkedIn
Share
WhatsApp