
බාලවයස්කාර 15 හැවිරිදි දැරියකට ලිංගික අතවර කළ බවට චෝදනා ලැබූ පල්ලේගම හේමරතන හිමියන් ඊයේ (බ්රහස්පතින්දා -14) උදෑසන කොළඹ පෞද්ගලික රෝහලක සිට ජාතික රෝහලට මාරු කැර යවා ඇත.
රිමාන්ඩ් භාරයේ සිටින පල්ලේගම හේමරතන හිමියන් ඊයේ පෙ.ව. 10:30 ට පමණ ජාතික රෝහලට පැමිණියහ.
මෙම මාරු කිරීම සිදු කරනු ලැබුවේ බදාදා(13) පෞද්ගලික රෝහලේදී භික්ෂුවගේ තත්ත්වය තක්සේරු කිරීම සඳහා උන්වහන්සේ බැහැදැක නියෝගයක් නිකුත් කිරීමට පෙර, කොළඹ කොටුව මහේස්ත්රාත් පසන් අමරසේන මහතාගේ නියෝගයකට අනුවය.
බදාදා මෝසමක් මඟින් නඩුව විභාග කළ මහේස්ත්රාත්වරයා, මැයි 22 වැනි දින දක්වා භික්ෂුව රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ද නියෝග කෙළේය.
තම දියණියට ලිංගික අතවර කිරීමට ආධාර කිරීම සහ අනුබල දීම සම්බන්ධයෙන් සැකපිට චෝදනා එල්ල වූ වින්දිතයාගේ මව මැයි 15 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කැර ඇත. මව සම්බන්ධ නඩුව සිකුරාදා (15) අනුරාධපුර ප්රධාන මහේස්ත්රාත් අධිකරණය හමුවේ නැවත විභාගයට ගැනීමට නියමිතය.
