Impartial news reporting for a stronger democratic society
2026 – තානාපති කුසලාන බැට්මින්ටන් තරගාවලියේ සමස්ථ ශුරතාවය කොළඹ විශ්වවිද්‍යාල කණ්ඩායම දිනාගනී

2026 – තානාපති කුසලාන බැට්මින්ටන් තරගාවලිය මෙවර හතරවැනි වරට කොළඹ විශ්වවිද්‍යාලයේ ගෘහස්ත ක්‍රීඩාගාරයේ දී  පසුගිය දා ( 22)  පැවැත් විණි.

මෙම තරගාවලිය සඳහා රාජ්‍ය විශ්වවිද්‍යාල, පුද්ගලික විශ්වවිද්‍යාල, අර්ධ රාජ්‍ය ආයතනවල බැට්ම්න්ටන් කණ්ඩායම් 70 කට අධික සංඛාවක් සහභාගී විය. මෙහි සමාප්ත  උත්සවය සඳහා කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ඉන්දික මහේෂ් කරුණාතිලක මහතා සහභාගී විය. මෙම තරගාවලිය කොළඹ විශ්වවිද්‍යාලයේ ශාරීරික අධ්‍යාපනය දෙපාර්තමේන්තුව මඟින් සංවිධානය කෙළේය. 

▪️විශ්වවිද්‍යාල අංශයයේ ශූරතාවය කොළඹ විශ්වවිද්‍යාල කණ්ඩායම දිනාගත් අතර, අනුශූරතාවය පේරාදෙණිය විශ්වවිද්‍යාල කණ්ඩායම දිනා ගත්තේය.

රාජ්‍ය හා අර්ධ රාජ්‍ය අංශය ශූරතාවය ශ්‍රී ලංකා පොලිස් කණ්ඩායම දිනාගත් අතර,අනුශූරතාවය කොළඹ විශ්වවිද්‍යාල කණ්ඩායම දිනා ගත්තේය.

සමීර මදුසංක හේවා ගමගේ

Follow by Email
LinkedIn
Share
WhatsApp