

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කළ ඝෘජු දැනුම් දීමක් මත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ (SLC) සභාපති ෂම්මි සිල්වා සහ විධායක කමිටුව ඊයේ (28) ඉල්ලා අස්වු බව අනාවරණය වීය.
විශේෂ කමිටු රැස්වීමකින් පසු මෙම ඉල්ලා අස්වීම සිදු වුවත්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සිදු වී ඇති බොහෝ අක්‍රමිකතා සහ දුෂණ ජනාධිපතිවරයාට නිසි ලෙස වාර්තා වීමෙන් පසු , සභාපති ෂම්මි සිල්වා ට සහ විධායක කමිටුවට වහා ඉවත්වන්නැයි දැනුම් දුන් බව ආණ්ඩුවේ අභියන්තර ආරංච් මාර්ග සඳහාන් කරයි.
2019 දී ප්‍රථම වරට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ධුරයට පත් වූ ෂම්ම් සිල්වා, ඉල්ලා අස්වීමට තීරණය කිරීමට පෙර වසර හතකට ආසන්න කාලයක් සභාපති ධුරයේ කටයුතු කැර ඇත.
මාධ්‍ය වාර්තාවලින් ද පෙනී යන්නේ සිල්වා ගේ නායකත්වයෙන් යුත් කමිටුවට ඔවුන්ගේ තනතුරුවලින් ඉවත් වන ලෙස ආණ්ඩුවේ බලධාරීන් සෘජුවම දන්වා තිබේ.
විධායක කමිටුව ඉවත් වීමත් සමඟ, රජය හිටපු රාජ්‍ය ඇමැතිවරයකු වු එරාන් වික්‍රමරත්න සභාපති ධුරයට පත් කළ අතර ,ඔහුගේ නායකත්වයෙන් යුත් නව දෙනකුගේ යුත් අතුරු කමිටුවක් ද පත් කැර ඇත.
හිටපු ජාතික ක්‍රිකට් ක්‍රීඩකයන් සහ වෘත්තිකයන්ගෙන් සමන්විත මෙම කමිටුවට රොෂාන් මහානාම සහ කුමාර් සංගක්කාර මෙන්ම සිදත් වෙත්තමුණි ද ඇතුළත් වේ. කමිටුවේ අනෙකුත් සාමාජිකයන් වන්නේ තුෂිර රඩෙල්ලා, අවන්ති කොළඹගේ, ප්‍රකාශ් ෂාෆ්ටර් සහ උපුල් කුමාරප්පෙරුම ය.
