
මූලික සනීපාරක්ෂක විධිමත්භාවය උල්ලංඝනය කරමින් වරක් භාවිත කරන ලද සිරින්ජර නැවත භාවිතයට ගැනීම හේතුවෙන් පාකිස්තානයේ පන්ජාබ් ප්‍රාන්තයේ දරුවන් 331 දෙනකුට එච්අයිවී වයිරසය ආසාදනය වී ඇතැයි විමර්ශනයකින් හෙළි වී තිබේ.
බීබීසී පුවත් සේවය මඟින් පන්ජාබයේ රජයේ රෝහලක රහසිගතව සිදු කරනු ලැබූ වීඩියෝගත කිරීමකින් වෛද්‍ය කාර්ය මණ්ඩලය දරුවන්ට සිරින්ජර නැවත භාවිත කරන ආකාරය රූගත කර ඇති අතර, එවැනි සාක්ෂි තිබියදීත් රෝහල් බලධාරින් මේ චෝදනාව ප්‍රතික්ෂේප කැර ඇතැයි ගල්ෆ් නිවුස් පුවත් සේවය සඳහාන් කෙළේය.
බීබීසී පුවත් සේවයේ මාධ්‍යවේදීන් පන්ජාබ් ප්‍රාන්තයේ ටවුන්සා ප්‍රදේශයේ පිහිටි රජයේ රෝහලක පැය 32කට වැඩි කාලයක් මේ වීඩියෝ රූගත කිරිම සිදු කැර ඇති බවත්, රෝහල් කාර්ය මණ්ඩලය රෝගීන් කිහිපදෙනකුටම එක් සිරින්ජරයක් භාවිත කරන ආකාරය පටිගත කැර ඇති බවත් එම පුවත් සේවය වැඩිදුරටත් අනාවරණය කරයි.
එච්අයිවී ආසාදිතයන්ගේ සංඛ්‍යාව වර්ධනය වීම සම්බන්ධයෙන් පාකිස්තානයේ වෛද්‍ය විද්‍යායතනයේ විශේෂඥවරු දැඩි කනස්සල්ලට පත්වී ඇති අතර, දරුවන් අතර එම රෝගී තත්ත්වය ඉහළ යෑම කනගාටුදායක සහ බරපතළ සිදුවීමක් බව ප්‍රකාශ කැර තිබේ.( දිනමිණ ඇසුරෙන්)
