Impartial news reporting for a stronger democratic society
බංග්ලා­දේ­ශයේ ප්‍රචණ්ඩ ක්‍රියා යළිත් හිස ඔසවයි ! මැයි මාසයේ 32 මරුට – 71ක‌ට බරපතළ තුවාල – ස්ත්‍රී දුෂණ 40% කින් ඉහළට

බංග්ලා­දේ­ශ තුළ නැවතත්  ප්‍රචණ්ඩ ක්‍රියා  හිස ඔසවා ඇති  බව නුවර සිටින Cyber World Press විශේෂ නියෝජිත සඳහාන් කරයි.

 ප්‍රචණ්ඩ ක්‍රියා හේතු­වෙන් මැයි මාස­යේදී පම­ණක් පුද්ග­ල­යන් 32 දෙනකු ජීවි­ත­ක්ෂ­යට පත්වී ඇතැයි එරට ඩේලි ස්ටාර් පුවත් සේවය උපුට දක්වමින් Cyber World Press සඳහාන් කරයි. මානව හිමි­කම් සංවි­ධාන වාර්තා උපුටා දක්ව­මින් එම පුවත් සේවය වැඩි­දු­ර­ටත් වාර්තා කැර ඇත්තේ, රට පුරා සිදු වු විවිධ ප්‍රචණ්ඩ ක්‍රියා­ව­ලින් තවත් පුද්ග­ල­යන් 71 දෙනකු බර­ප­තළ තුවාල ලබා ඇති බවයි. බංග්ලා­දේ­ශයේ මානව හිමි­කම් සංවි­ධාන වාර්තා­ව­ලට අනුව මැයි මාස­යේදී එරට ප්‍රචණ්ඩ ක්‍රියා 69ක් සිදුවී ඇති අතර, එය අප්‍රේල් මාස­යට වඩා ඉහළ ගොස් ඇති බව අනාවරණය වෙයි.

ප්‍රච­ණ්ඩ­ත්වය ඉහළ යෑම මහ­ජන ආර­ක්ෂා­වට බර­ප­තළ තර්ජ­න­යක් බව බංග්ලා­දේ­ශයේ මානව හිමි­කම් සංවි­ධාන ප්‍රකාශ කැර තිබෙන බව Cyber World Press විශේෂ නියෝජිත සඳහාන් කරයි. මේ අත­රින් කාන්තා­වන්ට සහ දරු­වන්ට එරෙ­හිව ප්‍රච­ණ්ඩ­ත්වය සැල­කිය යුතු ලෙස වැඩි වි ඇති බවත්, ස්ත්‍රී දූෂණ සිදු­වීම් 40%කින් ඉහළ ගොස් ඇති බවත් , මෙම තත්ත්වය සම්බ­න්ධව එරට රජය දැඩි කන­ස්ස­ල්ලට පත්වී ඇති බවත්, ප්‍රචණ්ඩ ක්‍රියා මැඬ පැවැ­ත්වීම සඳහා නීති සංශෝ­ධ­නය කිරී­මට පිය­වර ගන්නා බවත් බංග්ලා­දේ­ශයේ ස්වදේශ කට­යුතු ඇමැති සලා­හු­දීන් අහ­මඩ් ප්‍රකාශ කළ බව  Cyber World Press  විශේෂ නියෝජිත සඳහාන් කරයි.

Follow by Email
LinkedIn
Share
WhatsApp