Impartial news reporting for a stronger democratic society
මොංගෝලියාවට ප්‍රථම වරට සැරියුත් මුගලන් අග්‍රශාවක ධාතූන් වහන්සේලා වැඩම කරවති

සැරියුත් මුගලන් අග්‍රශ්‍රාවක ධාතූන් වහන්සේලා  පසුගිය දා  ප්‍රථම වරට මොංගෝලියාවට වැඩම කිරීම මොංගෝලියානු බෞද්ධ ශාසන ඉතිහාසයේ සුවිශේෂී  අවස්ථාවක්  ලෙස  සඳහාන් වෙති.

පසුගිය වර්ෂයේ ඉන්දියාවට  පැමිණි මොංගෝලියානු ජනාධිපති උක්හානාගින් කුහුරේල්සුකාහ් (Ukhanaagiin Kharelsukh) මැතිතුමා  ඉන්දියානු අගමැති  නරේන්ද්‍රී මෝදි මැතිතුමා ගෙන් කළ ඉල්ලිමකට අනුව  මෙම ධාතූන් වහන්සේලා මොංගෝලියාවට වැඩම කළ බව  ඉන්දීය මාධ්‍ය උපුටා දක්වමින් Cyber World Press  සඳහාන් කරයි.

අශෝක රාජ්‍ය සමයේ සාංචි චෛත්‍ය  සංකීර්ණය ඉදිකර ඇති අතර, බ්‍රිතාන්‍ය පාලන සමයේ  එහි කරන ලද කැණීම්වලදී මෙම  අග්‍රශ්‍රාවක ධාතූන් වහන්සේලා  හමු වී  තිබේ.

වර්තමානය වන විට සාංචියේ චේතියගිරි විහාරයේ අග්‍රශ්‍රාවක ධාතූන් වහන්සේලා  තැන්පත් කැර ඇති අතර, ධාතුන් වහන්සේලාගේ භාරකාරත්වය දරන්නේ ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ සභාපති ජපානයේ ප්‍රධාන සංඝනායක  බානගල උපතිස්සස්ස නා හිමියන් විසිනි.

  පසුගිය දා  ඉන්දියාවේ ඇසෑම් ආණ්ඩුකාර ලක්ෂ්මන් ප්‍රසාද් අකහර්යාර් (Lakshman Prasad Achsrya)  මහතාගේ නායකත්වයෙන් , බානගල විමල තිස්ස හිමි  ධාතුන් වහන්සේලාගේ තේවාව භාර උඩුගම තපස්සී හිමි ඇතුළු  සම්භාවනීය නියෝජිත පිරිසක් අග්‍රශ්‍රාවක ධාතූන් වහන්සේලා වැඩම කරවා ගෙන  ඉන්දියානු ගුවන් හමුදාවේ විශේෂ යානයකින් මොංගෝලියාවට වැඩම කරවනු ලැබුහ.

මොංගෝලියාවේ දී මෙම අග්‍රශ්‍රාවක ධාතූන් වහන්සේලා පිළිගනු ලැබූවේ මොංගෝලියාවේ හිටපු ජනාධිපති Nambaryn Enkhbayar සහ මොංගෝලියාවේ අධ්‍යාපනන  ඇමැති නරායන් බායර් (Narayan bayar)  මහත්වරුන් විසිනි.

එම ධාතූන් වහන්සේලා  පසුගිය ජූනි 10 වැනි දා  දක්වා මොංගෝලියාවේ අගනුවර වන උල්ආබාටාර් (Ulaabaatar)  හි පිහිටි ගන්ඩන්  මහා බෞද්ධ ආශ්‍රමයේ (Gandan Monastery ) මහජන  ගෞරවය සඳහා තැන්පත් කැර ඇති  බව  බානගල විමලතිස්ස හිමියෝ Cyber World Press  වෙත පසුගිය දා දන්වා  සිටිහ.

සටහන- ජනක ජයසිංහ

Follow by Email
LinkedIn
Share
WhatsApp