Impartial news reporting for a stronger democratic society
ඊශ්‍රා­යල හමු­දා දකුණු ලෙබ­න­න­යට පහර දෙයි !

සටන් විරා­මය අත­ර­තුර ඊශ්‍රා­යල හමු­දාව දකුණු ලෙබ­න­න­යට දැවැන්ත ප්‍රහා­ර­යක් එල්ල කැර ඇතැයි විදෙස් මාධ්‍ය සඳහාන් කරයි. එහෙත් සටන් විරා­ම­යට ඇතු­ළත් වූ බීරුට් අග­නු­ව­රට පහර නොදුන් බව ද වාර්තා වේ. උතුරු ඊශ්‍රා­ය­ලය ඉලක්ක කර­මින් හෙස්බුල්ලා සංවි­ධා­නය රොකට් ප්‍රහා­ර­යක් එල්ල කළ බවත්, එම ප්‍රහා­රය සාර්ථ­කව මැඬ පැවැ­ත්වී­මෙන් පසු දකුණු ලෙබ­න­නයේ හෙස්බුල්ලා ඉලක්ක වෙත ගුවන් ප්‍රහා­ර­යක් එල්ල කළ බවත් ඊශ්‍රා­යල හමු­දාව නිවේ­ද­නය කැර තිබේ.

ප්‍රහා­ර­යෙන් දකුණු ලෙබ­න­නයේ සිවිල් වැසි­යන් සිවු­දෙ­නකු ජීවි­ත­ක්ෂ­යට පත්වී ඇතැයි ද, තවත් 127 දෙනකු තුවාල ලබා ඇතැයි ද ලෙබ­න­නයේ සෞඛ්‍ය අමා­ත්‍යාං­ශය නිවේ­ද­නය කර තිබේ. එම ප්‍රහාර අත­ර­තුර ජබෙල් අමිල් රෝහලේ ගොඩ­නැ­ඟි­ල්ල­ක­ටත් අලාභ හානි සිදුවී ඇති අතර, තුවාල ලැබූ අය අතර රෝහල් කාර්ය මණ්ඩ­ලයේ 33 දෙනකු සිටින බව ලෙබ­න­නයේ සෞඛ්‍ය අමා­ත්‍යාං­ශය වැඩි­දු­ර­ටත් සඳ­හන් කැර තිබේ.

ලෙබ­න­නයේ සටන් විරා­මය ප්‍රකා­ශ­යට පත් කිරී­මට පෙර අමෙ­රි­කානු ජනා­ධි­ප­ති­ව­රයා ඊශ්‍රා­යල අග­මැති බෙන්ජ­මින් නෙත­න්යාහු සමඟ දුර­ක­ත­නය ඔස්සේ සාකච්ඡා පවත්වා ඇති අතර, සටන් විරා­මය උල්ලං­ඝ­නය කර­මින් හෙස්බුල්ලා සංවි­ධා­න­යෙන් ප්‍රහා­ර­යක් එල්ල වුව­හොත් ප්‍රති­ප්‍ර­හාර එල්ල කරන බව එහිදී ඊශ්‍රා­යල අග­මැ­ති­ව­රයා ප්‍රකාශ කළ බව වාර්තා වේ.

Follow by Email
LinkedIn
Share
WhatsApp