Impartial news reporting for a stronger democratic society
නේපාල ගංවතුරෙන් මිය ගිය ගණන 200 පනී

නේපාලයේ ,චීන සහ ටිබෙට් දේශසීමා ආසන්නයේ පිහිටි රසුවා ප්‍රදේශයේ භෝටේකොෂි ගංගා පද්ධතිය ආශ්‍රිතව ඇති වූ හදිසි ගංවතුර තත්ත්වය හේතුවෙන් මියගිය සංඛ්‍යාව මේ වන විට 200 ඉක්මවා ඉහළ ගොස් ඇතැයි  විදේශ මාධ්‍ය වාර්තා කරයි.

අතුරුදන් වූවන් සෙවීම සඳහා නේපාල රජය විශේෂ සහන කණ්ඩායම් යොදවා ඇති අතර, ඉන්දියාව ඇතුළු විදේශ රටවල් කිහිපයක් ද කඩිනමින් නේපාලයට සහන කණ්ඩායම් යොමු කිරීමට පියවර ගෙන තිබේ.

හදිසි ගංවතුර තත්ත්වයෙන් පසු සංචාරකයන් 579 දෙනෙකු ඉන් 400කට අධික සංඛ්‍යාවක් විදේශිකයන් පිළිබඳව කිසිදු තොරතුරක් නොමැති බව නේපාල සංස්කෘතික හා සංචාරක අමාත්‍යාංශය ප්‍රකාශ කැර ඇත. එසේම විදේශිකයින් අතර ඉන්දියානුවන් 142 දෙනෙකු සහ ඕස්ට්‍රේලියානුවන් 34 දෙනෙකු මෙන්ම මැලේසියාව, නෙදර්ලන්තය, පෘතුගාලය, දකුණු අප්‍රිකාව, දකුණු කොරියාව, එක්සත් රාජධානිය සහ එක්සත් ජනපදය යන රටවලින් පැමිණි පිරිස් ද වූහ.

Follow by Email
LinkedIn
Share
WhatsApp