
රුසියාවේ මොස්කව් නුවරට CIA සංවිධානයේ ප්‍රධානී ජෝන් රැට්ක්ලිෆ් හදිසියේම පැමිණ ඇති බව රුසියාවේ මාධ්‍ය උපුටා දක්වමින් Cyber World Press වාර්තා කරයි.
කිසිදු පූර්ව දැනුම්දීමකින් තොරව සිදුවී ඇති එම සංචාරයේදී ඔහු මුණ ගැසීමට නියමිතව ඇත්තේ කවුරුන්දැයි තහවුරු නොවූ බව වාර්තා වී ඇත. මේ අතර රුසියාවේ ජනාධිපති කාර්යාලයේ ප්‍රකාශක දිමිත්‍රි පෙස්කොව් එම පුවත තහවුරු කරමින් නිවේදනය කැර ඇත්තේ CIA ප්‍රධානියා රුසියානු බුද්ධි අංශ නිලධාරින් මුණ ගැසී සාකච්ඡාවක නිරත වුවද, ජනාධිපති ව්ලැදිමීර් පුටින් සමඟ සාකච්ඡා නොකළ බවයි. මෙවැනි සාකච්ඡාවලින් අමෙරිකාව සහ රුසියාව අතර සබඳතා වර්ධනය වන්නේදැයි ප්‍රකාශ කිරිමට තවමත් වේලාසන වැඩි බවද දිමිත්‍රි පෙස්කොව් සඳහන් කැර ඇතැයි Cyber World Press වාර්තා කරයි.
දෙරටේ බුද්ධි අංශ අතර ඉහළම මට්ටමේ සාකච්ඡාවක් හදිසියේම පැවැත්වීම සම්බන්ධව ජාත්‍යන්තර මාධ්‍යයේ දැඩි අවධානය යොමුවී ඇති අතර, මෙවැනි සාකච්ඡා පැවත්වෙන්නේ ඉතා කලාතුරකින් බව ද වාර්තා වේ. අමෙරිකානු හමුදාවට අයත් ගුවන්යානයකින් මොස්කව් නුවරට ගිය CIA ප්‍රධානියා එදිනම පස්වරුවේ නැවත අමෙරිකාවට පැමිණි බව Cyber World Press වාර්තා කැර ඇත.
