Impartial news reporting for a stronger democratic society
චෙම්මනි සමූහ සුසානයේ කැණීම්වලදී දරුවන්ගේ සිරුරු රැසක් හමුවෙයි! ළදරු කිරි බෝතල්, බෝනික්කන් ,සෙල්ලම් බඩු, ළමා පාවහන් , පාසල් බෑග් හා කාසි ඒ් අතර

චෙම්මනි සිත්තුපාත්ති සමූහ සුසානයේ කණීම්වලදී දරුවන්ගේ බවට සැකකරන සිරුරු රැසක් සොයාගන ඇති බව වාර්තා වෙයි.

මෙම චෙම්මනි සිත්තුපාත්ති සමුහ සුසානයෙන් පසුගිය ජුනි 09  සහ 10  දිනයන් වලදී ගොඩ ගත් මිනිස් සිරුරු  දහසයෙන්  14ක්  දරුවන්ගේ බවට අනාවරණය වී ඇත. 

මේ වන විට දින  75ක් මුළුල්ලේ මෙම චෙම්මනි සිත්තුපාත්ති සමූහ සුසානයේ කැණීම්  සිදු වෙයි. තෙවැනි අදියරේ කැනීම් කටයුතු සිදු කළ 21 ක් වැනි දිනය වු ජුලි 10 වැනි බදාදා මිනිස් සිරුරු 12 ක් අළුතින් මතු කරගෙන තිබුණි. එදින ගොඩගත් සිරුරු 7 අතර, අත දරුවන් දෙදෙනකුගේ, ළමයින් 4 දෙනකුගේ හා වැඩිහිටියකුගේ අස්ථි තිබුණු බව කැනීම් කටයුතු නිරීක්ෂණයේ යෙදී සිටින නීතිඥයන් සදහන් කරති.

2025 වසරේ මැයි මාසයේදී කැනීම් කටයුතු ආරම්භ කළ චෙම්මනි සිත්තුපාත්ති සමූහ සුසානයෙන් මේ වන විට හදුනාගන්නා ලද සමස්ත මිනිස් සිරුරු 339 න් 318 ක්ම ගොඩ ගෙන තිබේ.
කැනීම් කටයුතු නිරීක්ෂනයේ යෙදී සිටින නීතිඥයන් එහි සිටින මාධ්‍යවේදීන්ට අද දිනයේ වැඩි දුරටත් දැනුම් දී ඇත්තේ සමුහ සුසානයෙන් ගවයන් දෙදෙනකුගේ අස්ථි ද මතුකරගත් බවයි.
චෙම්මනි සිත්තුපාත්ති සමූහ සුසානයෙන් මිනිස් අස්ථි සමගම මේ වන තෙක්  ගොඩගන්නා ලද 100 ට ආසන්න පාරිහාරික වස්තු අතර, ළදරු කිරි බෝතල්, බෝනික්කකු ඇතුළු සෙල්ලම් බඩු, ළමා පාවහන් සහ පාසල් බෑග් හා කාසි කිහිපයක් ද වෙයි.

 අධිකරණ නියෝග මත වෝහාරික පුරාවිද්‍යාඥ මහාචාර්ය රාජ් සෝමදේව සහ යාපනය අධිකරණ වෛද්‍ය නිලධාරි සෙල්ලයියා ප්‍රනවන්ගේ මෙහෙයවීමෙන් යාපනය, චෙම්මනි සිත්තුපාත්ති සමූහ සුසානය කැනීම් කටයුතු පළමු වරට ආරම්භ වුයේ 2025 මැයි 15 වැනිදායි.
ශ්‍රී ලංකාවෙන් මේ තාක් හමු වු විශාලතම සමුහ සුසානය ලෙස සැලකෙන්නේ බාල ළමුන් 28 ක් ඇතුළු මිනිස් සිරුරු කොටස් 376 ක් සොයාගත් මන්නාරම සතොස සමුහ මිනී වලයි.( Source-The Leader)

Follow by Email
LinkedIn
Share
WhatsApp