Impartial news reporting for a stronger democratic society
අමෙරිකා – ඊශ්‍රායල රෙජීමය ඉරානයට පහර දීමත් සමඟම හෝමුස් සමුද්‍ර සන්ධිය නැවත වසයි — ගෝලීය තෙල් මිලත් ඉහළට

අමෙරිකා – ඊශ්‍රායල රෙජීමය ඉරානයට එරෙහිව යළිත් දැවැන්ත ගුවන් ප්‍රහාර මාලාවක් දියත් කිරීමත් සමඟ ම, ඊට ප්‍රතිචාර වශයෙන් හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට ඉරානය  නැවත පියවර ගෙන තිබේ .
මම හේතුව නිසා ගෝලීය වෙළෙඳපොළේ බොරතෙල් මිල අද (11) දිනයේදී එක් බැරලයක මිල ඩොලර් 2 කට වඩා වැඩි ප්‍රමාණයකින් ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබේ.
ඒ අනුව, ජාත්‍යන්තර දර්ශකයක් වන බ්‍රෙන්ට් තෙල් මිල 2.47% කින් (ඩොලර් 2.30 කින්) ඉහළ ගොස් බැරලයක් ඩොලර් 95.40 ක් ලෙස සටහන් ව ඇති අතර, අමෙරිකානු WTI තෙල් මිල 2.89% කින් (ඩොලර් 2.60 කින්) ඉහළ ගොස් බැරලයක් ඩොලර් 92.63 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ඉරාන ඒකාබද්ධ හමුදා මූලස්ථානය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ තෙල් නැව් සහ අනෙකුත් වාණිජ නෞකා ඇතුළු සියලුම යාත්‍රා සඳහා හෝමුස් සමුද්‍ර සන්ධිය සම්පූර්ණයෙන්ම වසා දමන බවය.
එම සීමාව තරණය කිරීමට උත්සාහ කරන ඕනෑම නෞකාවකට ප්‍රහාර එල්ල කරන බවටද ඔවුහු අනතුරු අඟවා තිබේ

Follow by Email
LinkedIn
Share
WhatsApp