Impartial news reporting for a stronger democratic society
චීන ජනාධිපති ෂී ජින්පින් ලබන සතියේ උතුරු කොරියාවේ සංචාරයක් අරඹයි

චීන ජනාධිපති ෂී ජින්පින් ලබන සතියේ උතුරු කොරියාවේ සංචාරයක නිරත වන චීන මාධ්‍ය උපුටා දක්වමින් Cyber World Press සඳහාන් කරයි.

චීන නායකයා  පසුගිය මාසයේ  අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු නායක ව්ලැඩිමීර් පුටින් වෙන වෙනම හමුවීමෙන් පසු  උතුරු කොරියාවේ  සංචාරයක නිරත වීම විශේෂත්වයකි.

ලබන සඳුදා සිට ආරම්භ වන දෙදින රාජ්‍ය සංචාරයකදී ෂී උතුරු කොරියානු නායක කිම් ජොන් උන් හමුවනු ඇති බව චීනයේ ෂින්හුවා  ප්‍රවෘත්ති  සේවය පසුගිය දා  නිවේදනය තෙළේය.

උතුරු කොරියාවේ රාජ්‍ය මාධ්‍ය වන KCNA ප්‍රවෘත්ති ඒජන්සිය ද මෙම සංචාරය තහවුරු කැර ඇති බව Cyber World Press සඳහාන් කරයි.

2019 න් පසු ෂී උතුරු කොරියාවට යන දෙවැනි අවස්ථාව මෙය  වෙයි. අසල්වැසියා සමඟ ඓතිහාසික නමුත් බොහෝ විට සංකීර්ණ සම්බන්ධතාවයක්  විය හැකි බව චීන විදේශ කටයුතු අමාත්‍යංශයේ තොරතුරු උපුටා දක්වමින්  Cyber World Press ප්‍රකාශයයි. මෙම  සංචාරය මේ වසරේ  ෂීගේ පළමු විදේශ සංචාරය වන බව ද සඳහාන්ය.

ෂීගේ අවසන් විදේශ සංචාරය පසුගිය ඔක්තෝම්බර් මාසයේදී දකුණු කොරියාවට ගිය අතර, එහිදී ට්‍රම්ප් සමඟ රැස්වීමක් ද  පවත්වා ඇත.

ෂී සහ කිම් අවසන් වරට මුණගැසුණේ පසුගිය වසරේ  සැප්තැම්බර් මාසයේදීය. එහිදී උතුරු කොරියානු නායකයා බීජිං හි පැවති හමුදා පෙළපාළියකදී ගෝලීය නායකයන් රැසක් අතර ගෞරවනීය ආරාධිතයකු  ද විය. පුටින් ද පෙළපාළියට සහභාගී වූ  ප්‍රධාන ආරාධිතයකු  විය.

චීනය සහ උතුරු කොරියාව අතර ඕනෑම හුවමාරුවක් “දෙපාර්ශ්වයේ අවශ්‍යතා මෙන්ම කලාපයේ සාමය සහ ස්ථාවරත්වය සඳහා සේවය කරයි” යනුවෙන් චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක මාඕ නින්ග් මැයි මාසයේ පැවසු බව Cyber World Press  සඳහාන් කරයි.

Follow by Email
LinkedIn
Share
WhatsApp