Impartial news reporting for a stronger democratic society
කොංගෝවේ සහ උගන්ඩාවේ ඉබෝලා පැතිර යයි : එන්නතක් සොයා ගන්න මාස 9ක් ගත වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි

කොංගෝ රාජ්‍යයෙන් සහ උගන්ඩාවේ  ඉබෝලා  පැතිර යයි : එන්නතක් සොයා  ගන්න මාස 9ක් ගත වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය  කියයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) පවසන පරිදි මේ වන විට ඉබෝලා වෛරසය යැයි සැක සහිත ආසාදිතයන් 600ක් සහ සැක සහිත මරණ 139ක් වාර්තා වී තිබේ.

වෛරසය හඳුනා ගැනීමට ගතවන කාලය හේතුවෙන් මෙම සංඛ්‍යාව තවදුරටත් ඉහළ  යා හැකි බවත්, රෝගයට එන්නතක් සොයා ගැනීමට මාස 09ක් ගතවිය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය  ප්‍රකාශ කැර තිබේ.

පළමු ආසාදිතයා වාර්තා වූ ඩෙමොක්‍රටික් රිපබ්ලික් ඔෆ් කොංගෝ රාජ්‍යයෙන් (DRC) මේ වන විට ආසාදිතයන් 51 දෙනෙකු සහ අසල්වැසි උගන්ඩාවෙන් ආසාදිතයන් දෙදෙනෙකු ස්ථිරවම හඳුනාගෙන ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී වෛද්‍ය ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයෙසස්  බදාදා (20) මාධ්‍යවේදීන් වෙත ප්‍රකාශ කැර තිබේ.
ජිනීවා නුවරදී මාධ්‍යවේදීන් අමතමින් ඔහු කියා සිටියේ, ‘බුන්ඩිබුග්යෝ’ (Bundibugyo) නමැති ඉබෝලා වෛරස් ප්‍රභේදයේ ව්‍යාප්තිය බොහෝ දුරට “මීට මාස කිහිපයකට පෙර” ආරම්භ වන්නට ඇති බවයි.
පසුගිය ඉරිදා ලෝක සෞඛ්‍ය සංවිධානය මෙය ජාත්‍යන්තර අවධානයට ලක්විය යුතු මහජන සෞඛ්‍ය හදිසි අවස්ථාවක් ලෙස ප්‍රකාශයට පත් කළ ද, එය වසංගත (Pandemic) මට්ටමක නොමැති බව සඳහන්  කරයි.
අඟහරුවාදා රැස් වූ ලෝක සෞඛ්‍ය සංවිධානයේ හදිසි කමිටුව, පවතින තත්ත්වය “ගෝලීය වසංගත හදිසි අවස්ථාවක්” නොවන බවට එකඟ වූ බව වාර්තා  වෙයි.
“ලෝක සෞඛ්‍ය සංවිධානය මෙම වසංගතයේ අවදානම ජාතික සහ කලාපීය මට්ටමින් ඉහළ මට්ටමක පවතින බවත්, ගෝලීය මට්ටමින් අඩු මට්ටමක පවතින බවත් තක්සේරු කරනවා,” යැයි පැහැදිලි කළ ඔහු, “කොංගෝ රාජ්‍යය තුළ මෙම වසංගතයේ පරිමාණය මීට වඩා බෙහෙවින් විශාල බව අපි දන්නවා,” යැයි ද පවසා  ඇත.
එමෙන්ම මියගිය පිරිස අතර සෞඛ්‍ය සේවකයන් ද සිටීම විශේෂ කනස්සල්ලට කරුණක් බව ලෝක සෞඛ්‍ය සංවිධාන ප්‍රධානියා වැඩිදුරටත් සඳහන් කළා.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිලධාරියකු ප්‍රකාශ කෙළේ වෛරසය කොපමණ කාලයක සිට ව්‍යාප්ත වෙමින් පවතීයද යන්න සෙවීම සඳහා විමර්ශන ක්‍රියාත්මක වන නමුත්, ඔවුන්ගේ මූලික අවධානය යොමුව ඇත්තේ වෛරසය සංක්‍රමණය වීම (පැතිරීම) පාලනය කිරීම බව සඳහාන් වෙයි.
පළමුවෙන්ම හඳුනාගත් ආසාදිතයා වූයේ ඉටුරි (Ituri) පළාතේ අගනුවර වන බුනියා (Bunia) හි රෝග ලක්ෂණ මතු වී හෙදියක් පසුගිය අප්‍රේල් 24 වැනිදා මියගිය බවයි.
ඇයගේ දේහය, වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වී ඇති රන් කැණීම් කරන නගර දෙකෙන් එකක් වන මොන්ග්වාලු (Mongwalu) වෙත රැගෙන ගොස් තිබේ.
මෙම වෛරස් ව්‍යාප්තියෙන් ඉටුරි පළාතේ ප්‍රදේශ හතරකට බලපෑම් එල්ල වී ඇත. ඒ මොන්ග්වාලු, බුනියා, රවම්පාරා සහ නයකුන්ඩේ  යන පළාත්ය.
උතුරු කිවු (North Kivu) පළාතේ, කැරලිකරුවන්ගේ පාලනය යටතේ පවතින නැඟෙනහිර කොංගෝවේ විශාලතම නගරය වන ගෝමා (Goma) සහ බුටෙම්බෝ (Butembo) යන නගරවලින් ද ආසාදිතයන් වාර්තා වී  තිබේ.
කොංගෝ රාජ්‍යය මුහුණ දෙන 17 වැනි ඉබෝලා වෛරස් ව්‍යාප්තිය මෙය වන නමුත්, දශකයකට වැඩි කාලයකින් දැකගත නොහැකි වූ ‘බුන්ඩිබුග්යෝ’ ප්‍රභේදය ඊටම ආවේණික වූ අභියෝග රැසක් මතු තිබේ.

Follow by Email
LinkedIn
Share
WhatsApp