Impartial news reporting for a stronger democratic society
ජාතික කලාභවනේ පෞරාණික සිතුවම් 42කට මොකද වුණේ !

ජාතික කලාභවනේ තිබූ පෞරාණික සිතුවම් 42 අස්ථානගත වී ඇති බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු  ඇමැති හිනිදුම සුනිල් සෙ‍නෙවි මහතා පවසයි.

අද (21) පාර්ලිමේන්තුවේ දී වාචික ප්‍රශ්න සඳහා පිළිතුරු ලබාදෙමින්  ඇමැතිවරයා මේ බව කියා සිටියේය.

භාණ්ඩ සමීක්ෂණ මණ්ඩලයක් 2015 වසරේ දී ජාතික කලා භවනේ චිත්‍ර හා මූර්ති සමීක්ෂණය කිරීමෙන් අනතුරුව මෙම අතුරුදන් වීම සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වී තිබේ.

ඒ අනුව තොග පොතෙහි සඳහන්ව තිබූ මුළු සිතුවම් සංඛ්‍යාව 281ක් වුවත්, කලා භවනේ මේ වනවිට ඇත්තේ, සිතුවම් 239ක් පමණක් බව  ඇමැතිවරයා සඳහන් කෙළේය.

මේ සම්බන්ධයෙන් අමාත්‍යංශයෙන් පත් කළ කමිටුවක්  පරීක්ෂණයක් සිදු කෙරෙමින් පවතින බව ඇමැතිවරයා වැඩිදුරටත් අවධාරණය කෙළේය.

Follow by Email
LinkedIn
Share
WhatsApp