
හය වැනි චීන ජාත්‍යන්තර පාරිභෝගික භාණ්ඩ ප්‍රදර්ශනය සහ 2026 “Shopping in China” ජාත්‍යන්තර පාරිභෝගික සමයේ සමාරම්භක උත්සවය චීන උප අගමැති හ ලිෆෙං මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (13) චීනයේ හයි නැන් පළාතේ හයි ක්ඕ නගරයේදී ආරම්භ විය.
චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශ සාමාජික, උප අගමැති හ ලි ෆෙං මහතා ඊට එක් වෙමින් දේශනයක් පැවැත්වීය.
චීන ජනාධිපති ෂී ජින්පිං මහතාගේ උපදෙස් පරිදි සහ විවිධ පාර්ශ්වයන්ගේ පොදු උත්සාහයන් යටතේ චීන ජාත්‍යන්තර පාරිභෝගික භාණ්ඩ ප්‍රදර්ශනය හයි නැන් නිදහස් වෙළෙඳ වරාය සංවර්ධන ක්‍රියාවලියේ සංකේතයක් බවට පත්ව ඇතැයි හ ලි ෆෙං මහතා එහිදී කියා සිටියේ ය. චීනය දේශීය ඉල්ලුම පුළුල් කිරීමේ උපාය මාර්ගය නොවෙනස්ව අනුගමනය කරමින් ඉහළ ගුණාත්මකභාවයෙන් යුත් සංවර්ධනය හා ඉහළ මට්ටමේ විවෘතභාවය තවදුරටත් ඉදිරියට ගෙන යන බව හේ සඳහාන් කෙළේය.
එසේම චීන ලක්ෂණයෙන් යුත් නවමු සංවර්ධනය මඟින් ලෝක ආර්ථික වර්ධනය වෙනුවෙන් වඩාත් නිශ්චිතභාවය හා නව ගාමක ශක්තිය එක්කිරීමට චීනය බලාපොරොත්තු වන බවද හෙතෙම පැවසීය. චීන ජාත්‍යන්තර පාරිභෝගික භාණ්ඩ ප්‍රදර්ශනය ඇතුළු වේදිකා ඔස්සේ “ Shopping in China ” ජාත්‍යන්තර පාරිභෝගික සමයට ක්‍රියාශීලිව එක් වෙමින් චීනය සමඟ සංවර්ධන අවස්ථා බෙදා ගන්නා ලෙසද චීන උප අගමැතිවරයා සිය දේශනයෙන් විවිධ රටවල ව්‍යවසායන් වෙත ඇරයුම් කෙළේය.

සටහන – චන්දන විජේකෝන්
