
අමෙරිකාවේ NAIA කාණ්ඩයේ විශ්වවිද්‍යාල අතර පැවැති මලල ක්‍රීඩා තරගාවලිය (Tennessee invite Athletics Championship) පසුගියදා Tennessee විශ්වවිද්‍යාලයේ දී පැවත්විණි.
අමෙරිකාවේ Indiana Tech විශ්වවිද්‍යාලයේ ඉගෙනුම කෙහාන් කුමාරසිරි, විවෘත අංශයේ මීටර් 400m මුලික වටයේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට සමත්විය . දැක්වු දක්ෂතාවය ලෙස 48.5 ලෙස සටහන් විය.
කොළඹ මහානාම විද්‍යාලයෙන් මුලික අධ්‍යාපනය හදාරා ඇති කෙහාන් කුමාරසිරි උසස් අධ්‍යාපනය Steiner college ජාත්‍යන්තර පාසලෙන් හදාරා ඇත. කෙහාන් සහභාගී වන මිළඟ තරගය අප්‍රේල් 17 සහ 18 දිනයන්හිදී පැවත්වේ.
සටහන – – සමීර මදුසංක හේවා ගමගේ
