Impartial news reporting for a stronger democratic society
අමෙරිකා – ඉරාන සාකච්ඡා දෙවැනි වටය සටන් විරාමය අවසන් වීමට පෙර

මැදපෙරදිග යුද්ධ අවසන් කැර සාමය උදා කිරීම සම්බන්ධයෙන් වන දෙවැනි වටයේ සාකච්ඡා ඉදිරියේදී යළිත් ඉස්ලාමාබාද් හි දී පැවැත්වීමට යෝජනා කැර තිබේ.

එම දින වකවානු ඉදිරියේදී ප්‍රකාශයට පත් කෙරෙනු ඇති බව විදෙස් මාධ්‍ය  සඳහාන් කරයි.එහෙත් ඇතම් මාධ්‍ය සඳහාන් කරන්නේ ලබන බ්‍රහස්පතින්දා යළි  දෙවැනි සාකච්ඡා වටය පවත් වෙන බවයි.

මේ වනවිට ක්‍රියාත්මක සති දෙකක සටන් විරාම කාලය අවසන්වීමට පෙර මෙම සාකච්ඡා වටය ආරම්භ කරනු ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත .

ඉරානය සහ අමෙරිකාව අතර පසුගිය 11 වැනිදා යුද්ධය සම්බන්ධයෙන් පළමු වටයේ සාකච්ඡාවක් පාකිස්තානයේ මැදිහත්වීමෙන් පැවැත්විණි.

කෙසේවෙත් එය එකඟතාවයකින් තොරව අවසන් වූ බව විදෙස් මාධ්‍ය  සඳහන් කරයි .

පසුගිය පෙබරවාරි 28 වැනිදා ඊශ්‍රායලය සහ අමෙරිකාව ඒකාබද්ධව ඉරානයට ප්‍රහාර එල්ල කිරීමත් සමඟ මෙම යුද්ධය ඇතිවිය.

මාසකට අධික කාලයක් මෙම යුද්ධය පැවති අතර මේ වනවිට සති දෙකක සටන් විරාමයක් ක්‍රියාත්මක වේ.

Follow by Email
LinkedIn
Share
WhatsApp